ජුලියට්

29 දැනට තැබූ සටහන්

මදනල සමඟ වෙලී,
ඈතට, දුර ඈතට දුවනා,
ජුලියට්...
සඳළුතල මත්තෙන් බිමට වන්න,
ජුලියට්...

රෝමියෝට පේන මානයට,
ඇසෙන මානයට වී,
ගීයක් ගයන්න,
ජුලියට්...

අදවත් ඔබ එන්න,
හිඳගන්න, හිනැහෙන්න,
ජුලියට්..
රෝමියෝගේ ආදරයට,
පණ පොවන්න,
ජුලියට්....

රෑ කිරිල්ලී

14 දැනට තැබූ සටහන්

ඈ අවුත් රෑ කාලයේ,
වෙරළ තීරේ අගිස්සේ,
ගං ඉවුරු අසබඩින්,
පියඹා...
අළුයමට පෙර මල් සිඹින්නට,
රොන් උරන්නට,
කුමුදු මල් සෙව් කිරිල්ලියේ,
පියඹා, රෑනේ යන්නට අවුත්..

සැරින් සැරේ නෙතු අද්දර,
හීන මවනා,
රාත්‍රියේ චන්ද්‍රකාන්තිය ඔබයි,
කිරිල්ලියේ...

පමාවී ඈතට ඇදී,  නෙතු මානයෙන් එහා,
වෙන්වී නෙතු අගට දුක දී,
අත්තටු සළන, කිරිල්ලියේ,
රාත්‍රිය එනතුරු බලා ඉන්නෙමි,
නැවත ඔබේ තටු මත්තට වී,
දෙතොලතර, සැඟවෙන්නට....

සොයමි

12 දැනට තැබූ සටහන්

තරු පිරි අහසේ,
එක් තරුවක් සොයමි මම,
සඳකැන් මත පිහිනමින්,
දිදුලන ඔබේ සෙනෙහස සොයමි මම..

අඳුරට අයිති ඔබ,
කොහෙදැයි සොයමි මම,
අවරට ගිය හිරු නැවත එනතුරු,
ක්ශිතිජයටද ඔබ්බෙන් ඔබව සොයමි මම...

හිරු අරක් ගත් අහස,
දවාලූවා මගේ සිහින,
අඳුරු නොපෙනෙන යාමය වුවද,
රැයට තවමත් ආදරෙයි, මම....

කවිය ඔබ

16 දැනට තැබූ සටහන්

කවිය ඔබ,
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී..
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ,
කවිය ඔබ, කවිය ඔබ...

ඉදිරියට »

දෙකෙන් එකක්

21 දැනට තැබූ සටහන්

මිතුදම
ආදරය
පටලගෙන
වලිකන..

බේරගන්නේ
රැවුලද?
කැඳද?

ගොම්මනක පැතුමක්

24 දැනට තැබූ සටහන්

අවරට ගොස් හිරුකිරණ,
ගොම්මන කැන්දන සෙමෙන් අඳුර,
දහවල නිලක වෙනස පෙනුමට,
නෙක පාට සළුලත් වළාකුළු කැටි එකට...

අඳුරත් සමඟ,
ඇදෙන එකිනෙක තරු කැට,
මවයි බන්දයි රටා නෙක ඇස පිනන,
සිතද සනහන මුදු පවනක එතී,
පා නගමි නිවෙස්නට,
ඈව දකිනට, මා දයාවිය...

සඳළුතල මත්තට වී,
එනතුරු මග බලා හිඳිමි,
රැගෙන සඳ සාවිය,
ඈම විය... මගේ සඳළිය....

වැටුනු සළඹ

13 දැනට තැබූ සටහන්

සිලිං සිලිං,
පා සළඹ,
වැනුනි, ගැයුවේ ඔවුනගෙ ගීතය,
වේදිකාව මත රඟන ඈගෙ,
පා පහස ලැබ,
හඬ නැගීය තාලයට...

වන්නමට සීරුවෙන්,
පාද එක දෙක තබන්,
සිනහවක් මුව හොවන්,
නටත් ඈ සොම්නසින්...

රටා මවමින් නෙක,
පාද යයි නැටුමට,
බෙර හඬට තාලයට,
අවනතයි හිතට පෙර...

පාද පොඩි පැකිළුනා,
                                                                   බෙර හඬද නැවතුනා,
                                                                   පාද පොඩි පහස නැති,
                                                                   පා සළඹ නැවතුනා...

සිද්ධියේ මුදුනට