සිලිං සිලිං,
පා සළඹ,
වැනුනි, ගැයුවේ ඔවුනගෙ ගීතය,
වේදිකාව මත රඟන ඈගෙ,
පා පහස ලැබ,
හඬ නැගීය තාලයට...
වන්නමට සීරුවෙන්,
පාද එක දෙක තබන්,
සිනහවක් මුව හොවන්,
නටත් ඈ සොම්නසින්...
රටා මවමින් නෙක,
පාද යයි නැටුමට,
බෙර හඬට තාලයට,
අවනතයි හිතට පෙර...
පාද පොඩි පැකිළුනා,
බෙර හඬද නැවතුනා,
පාද පොඩි පහස නැති,
පා සළඹ නැවතුනා...
හ්ම්ම්ම්... :)
ReplyDelete:) :)
ReplyDelete'පාද පොඩි පහස නැති,
ReplyDeleteපා සළඹ නැවතුනා...'
මේ ටික ගොඩක් හිතට වදිනවා.
ලස්සනයි!
එල...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
X_X කුමරියක පා සළඹ සැලුනා...
ReplyDeleteමාරයි !!!
ReplyDeleteලස්සනයි යාළුවා ඇත්තටම.. අදයි මේ පැත්තේ ආවේ ඉස්සෙල්ලම..
ReplyDeleteස්තූතියි අයියා...
Delete// පාද පොඩි පහස නැති,
ReplyDeleteපා සළඹ නැවතුනා...//
අන්තිම පද පේලිය ළඟ හිතත් නැවතුනා..
ගොඩක් ලස්සනයි..
ස්තූතියි...
Deleteලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDeleteD7
ReplyDeletelassanayi aae
:)
*
ReplyDelete