රිදී රේඛාව

9 දැනට තැබූ සටහන්

අඳුරු අහසට, කඳුළු මුතුවැල් බැඳී,
හඬන තරුකැට මෙන්ය හද නොරැඳී,
සිහින දෙව්දුව හමායන විටදී,
නෙතුමානයේ, පෙම්, සුළඟක් රැඳී...

විරහ කවි රැස, ලියූ හද අද,
යලිදු තෙත් වී,
චාන්දනිය වී පායා එනු මැනවී,
අඳුරු හද ගැබ,
එලිය ලද විටදී,
සඳකැන්ය ඔබ මුවඟ රැඳි සිනැහී...

සුසුමන් වියැකී, කඳුලැලි වියැලී,
හැඬූ තරු අද සිනහවෙනු පෙනුනී,
අළුත් රහසක් මුමුනනවා ඇසුනී,
රිදී රේඛාව සිත් අහස මත අද,
ඔබම මැයි ලඳුනී...

මිතුදම

9 දැනට තැබූ සටහන්

සිත ගත වෙලන,
ලෙන්ගතුකමක අරුම,
කැටි වූ නෙක සිතුම් රැසක,
බැඳි පෙමක් මේ අප සැවොම...

දින දිවා නෙක දවස,
රැඳුනු සෙනෙහසක රහස,
මතුවෙමින් සිත් සතොස,
මිතුරුදමක් බැඳිය සිත් අහස...

ඔබ මමද පහන් වුව,
මියැසි ස්වරයකි නැඟුන,
නිවාලූ සිත් පවස,
අහස් කුස කරා නැඟුන,
පෙම් කරමි,
මේ මිතුදමට....

ඉදිරියට »
සිද්ධියේ මුදුනට