සිත් පවුරු

6 දැනට තැබූ සටහන්

රේඛා සටහන් එකිනෙක ඇඳිනි,
සිත් පවුර මත,
ඔබ අතින්, මා අතින්,
ඔබ හස රැඳුනි මතකයෙහි රූ රටා,
නෙතු අග රැඳි කැඳුළු කැටක වෙන්වී යන,
හිරු කිරණක් මෙන්,
වර්ණ විහිදීය,
මා හද පුරා,
ඔබ තෙපලූ වදන් කොඳුරයි තවත්,
සිහිනෙන් හෝ ඔබ දැකගන්නට,
සරමි නෙතු අයා,
දක්නා සෑම නෙතු සඟලතර,
සෙවීමි ඔබ දෙනයන ,
තවත් වරක් දැක ගන්නට,
රැඳෙන්නට,
සැනහෙන්නට,
ඒ මතකයට සමුදෙන්නට,
මා හද පවුරු බිඳලූ විජ්ජුලතා,
මාළිගය අතැර යන්නට,
පවුර බිඳලන්නට කාලයයි...

සිද්ධියේ මුදුනට