සෙව්වන්දිය

සටහනක් තියන්න

අනන්තයට, සරන මගේ හීන,
දිගන්තයක, රැඳුනි ඔබෙ දෑස,
මටද හොරා, රැගෙන මගේ හීන,
සෙව්වන්දිය, නුඹ ගියා මගෙන් දුර ඈත...

සඳ මඬල මැදින්, සොයන්නම්,
මද පවන මැදින් ඔබ එනතුරා,
බලා හිඳින්නම්,
ඔබේ දෑස මගෙම වන තුරා,
හිඳින්නම්, සෙව්වන්දියේ....

හිනැහුනා මතකයි, තවමත්,
සැනහුනා මතකයි, ඔබේ රුව දෙසින්,
නෙතු නොහැර හිඳින්නම්,
ඔබේ නිල් නෙතින්,
සදා රැඳෙන්නම්....

කියාදෙන්න

1 දැනට තැබූ සටහන්


වළාකුලක පාවෙන්න,
කියාදෙන්න...
නුවන් තරුකැට කියන කවියට,
මඳනල මුමුනණ වදන් වැල,
මුසු කරයි තනුව,
ගයන ගීය,
ආදරය...
සිහිනයක දැවටිලා ඔබ එන්න,
මගේ වෙන්න...
ඔව්, මට කියාදෙන්න,
හිනාවෙන්න...

සිද්ධියේ මුදුනට