Showing posts with label i-ඩියාස්. Show all posts
Showing posts with label i-ඩියාස්. Show all posts

උඹට මට

3 දැනට තැබූ සටහන්

උඹට මට
වින්නැහි වෙන්නැති.
සියක් දොහක්,
බලං ඉන්නැති.
උඹට මට.

පෙමක් බඳින්නැති.
කවක් ලියන්නැති.
උඹට මට.
හිතෙත් ඇඳෙන්නැති,
උඹට ඇඬෙන්නැති,
රෑ දොහක.

සියක් ගානකට,
බලා හිඳින්නැති,
අහස් කුස.
පෙමත්, කවත් හරි,
නැතිවුන දා,
උඹට මට.

#‎StreetHarassmentHurts‬ | අපේ ලොවටත් සඳක් පායන්න.

9 දැනට තැබූ සටහන්


"මචං, දවසක් එයිද උඹෙත් මගෙත් නංඟිට අක්කට පාරෙ බැහැලා බය නැතුව යන්න.
හිතට වැදුන මුහුණකට දවසක ගිහින් ආදරෙයි කියන්න.
උඹේ නංඟිගෙ මඟුලට ගොඩවැදිලා ආයුබෝවන් කියන්න.
උඹෙ දුවට මගෙ පුතාගෙන් අවමානයක් නොවෙන්නට?"


ඉදිරියට »

අළුත් අවුරුද්දට....

10 දැනට තැබූ සටහන්

වත් අවුරුද්දක් ගෙවිලා ගිහින්... මායාවරුන්ගෙ දිරච්ච කඹය(ලණු කියලා මදි නිසා), ඔබාමා මහත්තයා ආයෙත් පුටුවට ඒම, ලන්ඩන් ඔලිම්පික් උළෙල, අපි ආයෙත් කප් ෆයිනල් එකේදි ඇදගෙන නෑම වැනි පුදුමාකාර සිද්ධි ගොන්නක් මැදින්, 2012ත් හොරෙන්ම පැනලා ගිහින්...
         වරදක් නැති අවුරුද්දක්, ආපස්සට හැරිලා බලද්දි වෙනස් කරන්න පුළුවන්නම් කියල හිතුන දේවල් දෙක තුනක් තියෙනවා... මං හිතන්නෙ හැමෝටම එහෙම වෙන්න ඇති. සිද්ධ උන වැරදි හදාගෙන ඉස්සරහට යන්න හැමෝම හිතන් ඇති කියලා හිතනවා...

         ආදරේ කරා, අළුත් යාළුවො හදාගත්තා, රන්ඩු උනා, යාළු උනා... මේ හැම දෙයක් එක්කම මගේ අතින් අළුත් සිද්ධියක් ලියවුනා... ඒ හැම සිද්ධියක් එක්කම මාත් එක්ක එකට හිටිය මගේ මිතුරු කැලට ගොඩාක් ස්තූතියි... හැමදාම වෙනස් වෙන, හැමදාම අළුත් වෙන ජීවිත පිටු අතරට, මගේ පද පේලියකින් මොකක්හරි අල්ප මාත්‍රයක් හෝ එකතු උනානම්, සිද්ධිය ලියන මට ඒක ලොකු සතුටක්....

         ඉස්සරහටත් මම දකින, මට දැනෙන බොහොමයක් දේවල් අළුත් සිද්ධි වෙලා සිද්ධියෙ පිටු අතරට එකතු වේවි... ඒ හැම තැනකදිම මාත් එක්ක ඉඳිවි කියලා මම ආසාවෙන් බලන් ඉන්නවා... ගෙවිලා ගියපු අවුරුද්දෙ මතකයත් හිතේ දරාගෙන, අළුත් අවුරුද්ද ආදරෙන් පිලිගනිමු...

සිද්ධියත් එක්ක රැඳෙන ඔයාලා හැමෝටම, සුභම සුභ නව වසරක් වේවා...

Exceptional කසුන්

16 දැනට තැබූ සටහන්

ලංකාවේ ටකරන් music සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය, ලයාන්විත ස්වරය, කසුන් කල්හාර...

ඉදිරියට »

දාර්ශනිකයා

21 දැනට තැබූ සටහන්

මේක අපේ Physics පන්තියෙදි වෙච්චි සිද්ධියක්. ගිය සෙනසුරාදා, (2012.06.23) අපේ ප්‍රපාතසිංහ මහත්තයගෙ පන්තියෙ පේපර් එකක් ලියන ගමන්, මගෙ එහා පැත්තෙ උන්නු එකාගෙයි මගෙයි ඇතිවුනු කථාවක්...

ඉදිරියට »

තවත් Red Bull වැඩකරුවෙක්

5 දැනට තැබූ සටහන්

රෙඩ්බුල් කිව්ව ගමන් ඉතින් අපෙ කස්ටිය මෝල් වෙලා පැනලා එනවනෙ! හිහි, ඉතින් ඔන්න තවත් ඒ වගේ එළකිරි අයිටමයක් හෙට අනිද්දම බලාගන්න පිනා චාන්ස් එකක් එන්ටයි හදන්නෙ! ආසයිනෙ? හිහි...
කවුද, කින්ද, මන්ද කියලා බලන්නටකෝ... වැදගත් වැඩක් නිසා ලියන්ට හිතුනා, තවත් එක වැඩකෑලි දැක්වීමක් නෙවෙන නිසාම...

ඉදිරියට »

අයියාට ආඩම්බරයි

8 දැනට තැබූ සටහන්

දින කීපයකට පෙර අපෙ නඟා මට ගෙනත් පෙන්වූ, ඇගේම පුංචි පහේ වැඩක් ගැන ලිවීමට කැමැත්තෙමි.
මම බ්ලොගියේ කවියක් ලියන්නේ හිතට එන අයිඩියාක් එවේලෙට කොහේ හෝ කුරුටු ගා, පසුව ඕක හිතුන වෙලාවකට මෙකෙ කොටයි. ඒත් අපෙ නඟාගේ කවියක් මම මීට පෙර කියවා තිබුනේ නැත. ලියා තිබුන දේත් පට්ටය. මෙහෙම දින කීපයක්ම නියම කවි ටිකක් ඈ අතින් ලියවින. මෙයින් හොඳ, පුංචි කවියක් බුකියේ අම්බලම ගෲපියේ ඈ දමා තිබෙනු මම දුටුවෙමි. එය මෙතන ලියා දැක්වීමට මම කැමැත්තෙමි.

තැවි තැවී බර වුණු,
නෙත් කෙවෙනි,
තෙත් කළ,
මගේ සෝ කඳුළැලි,
කඩා හැළෙන විට,
නුඹේ විකසිත,
සිනහ මල් මත,
කියව අසතුටු
වන්ට කාරණ...?

නංගෝ... හරිම ලස්සනයි... :') අයියාට පුල් හැපී!!!

#ෆුල් ආතල් #EpicSinhalaCartoonDubs

17 දැනට තැබූ සටහන්

ට්විටරය පුල් ආතල් බැව් මම කලින් ලිපියකින් සඳහන් කලෙමි. බොයියක් දුන්නේ නැත. ඊයෙ(05.02.2012) රෑත් අපේ එකෙක්ගෙ මොළයේ ස්පාර්ක් ප්ලග් එකක් බුරුල් වී ආ අයිඩියාස් එකක් නිසා පැය ගානක් බඩවල් අල්ලන් හිනා උනෙමු. හිච්චි කාලයේ පටන් බැලූ කාටූන් වලට ඉස්තරම් සාධාරණයක් කොලෙමු. මේ ආතල් සංවාදයේ සුපිරි මතක ටිකක් මම මෙතන කොටා දැක්වීමට හිතුවෙමි.

ඉදිරියට »

සින්දු ඇසීම හා ඇස්සවීම

5 දැනට තැබූ සටහන්

ලංකාවේ සින්දු කලාව අමුතුය. සමහරු හොඳ සින්දුවක් ලියා, කියා අසන්නා පිනවයි. මේ අතර ටික දෙනෙක් ටකරන් වලට ගල් ගසමින් අපේ කන්වලට විකාරරූපී ආස්වාදයක් ගෙන දෙයි. බස්වල යෑම, මගීන්ට එපා කරවන සිරාම ක්‍රමයක් තමයි මේ ටකරන් සින්දු දැමීම. පූරුවෙ කල පවක් ගෙවන්නටදෝ අපි එව්වා අසාගෙන යමු.

ඉදිරියට »

චූ පෝලිම

2 දැනට තැබූ සටහන්

එහෙම කියලා පටන් ගත්තෙ අද ක්ලාස් එකේදි වෙච්චි දෙයක් නිසා. අද මට bio ක්ලාස්. 7.30ට සෙට් උන ගමන් ආයෙ ඉන්ටර්වල් එකක් ලැබෙන්නෙ 11ට. එතකන් බඩගිනි, චූ බරවල් ලෝඩ් කරන් ඉඳලා කස්ටියම මිස් "හරි දැන් ඉන්ටර්වල් ගන්න" කියපු ගමන් දුවනවා ඕන ඕන දිහාවලට. කොල්ලො ටිකනම් මුලින් කොරන්නෙ කාලා බීලා සප්පායම් වෙන එක. එකෙක් නෑර සංගමිත්ත ඒරියා එකේ සෝටීස් කඩවලට ඉක්මනින් රිංගනවා. මාත් ඉතින් හෙමීට ගාටන් ගියා කන්න...

ඉදිරියට »

෴Live'12 යූ-බටේ වීඩියෝ෴

2 දැනට තැබූ සටහන්

කලින් ලියපු ෴ට්වෙලයට පෙර෴ ලිපියට ජයටම ප්‍රතිචාර! ඒකෙ කොමෙන්ටු කියවනකොට ලියවිලා තිබුන ඉල්ලීමක් නිසා Live'12 ප්‍රසංගයේ වීඩියෝ දර්ශන ටිකක් දාන්න හිතුනා. මේවා ගත්තෙ YouTube එකෙන්. අප්ලෝඩ් කරලා තිබුනෙ dsukhith. එයාටත් ස්තූති කරන ගමන්, ඔන්න එහෙනම් බලාගන්න...

ඉදිරියට »

෴ට්වෙලයට පෙර෴

12 දැනට තැබූ සටහන්

Live'12, අපේ වැඩේ බොක්කෙන්ම සාර්ථකය. කිරිකජු කොල්ලන් ටිකක් සැට් වී එළකිරි ගේමක් දුන්නේ, මුලු ගාල්ලම හෙල්ලෙන්ටය. ගිය සෙනසුරාදා(2012.01.14) කරාපිටිය ෆැකල්ටියේ ඔඩිටෝරියම අපි රිච්මන්ඩ් යැයි රැව් දුන් මතකයත් එක්ක හිච්චංකිතර ආඩම්බරයක් හිතේ රඳවාගෙන මේ ලිපිය ලියමි.

ඉදිරියට »

මීම සහ මම

1 දැනට තැබූ සටහන්

මීම, ලංකාවට අළුත් දෙයක්... මීම කියන්නෙ මොකක්ද, සාමාන්‍ය කාටූනයකින් මීම කාටූනයක් වෙනස් වෙන්නේ කොහොමද? මටත් හෙන කුතුඅලේ! ටිකක් හෙව්වා, මට මීටර් උන, මට හිත ගිය තැන් ටිකක් ගැන් ඔයාලටත් කියන්න හිතුවා. මොකද, මෙව්වා ගොඩාක් කාලීනයි. මට දැනුන විදියට එකෙන්ම ලෝකෙම හඳුනන භාශාවක් වගේ. ඉතින්, මෙන්න එහෙනම් මීම සහ මම...

ඉදිරියට »

ස්තූතියි twitter

8 දැනට තැබූ සටහන්

මම ට්විටරයට එක්වී වැඩි කලක් නැත. එක්වුනේද මගෙ වෙනත් බ්ලොගයක කටයුත්තක් සඳහාය. කොහොමෙන් කොහොම හරි රස වැටුනු ට්විටරය දැන් බුකියටත් වඩා බොක්කටම දැනී තිබේ. හේතුනම් ගොඩකි.

ඉදිරියට »
සිද්ධියේ මුදුනට