අවරට ගොස් හිරුකිරණ,
ගොම්මන කැන්දන සෙමෙන් අඳුර,
දහවල නිලක වෙනස පෙනුමට,
නෙක පාට සළුලත් වළාකුළු කැටි එකට...
අඳුරත් සමඟ,
ඇදෙන එකිනෙක තරු කැට,
මවයි බන්දයි රටා නෙක ඇස පිනන,
සිතද සනහන මුදු පවනක එතී,
පා නගමි නිවෙස්නට,
ඈව දකිනට, මා දයාවිය...
සඳළුතල මත්තට වී,
එනතුරු මග බලා හිඳිමි,
රැගෙන සඳ සාවිය,
ඈම විය... මගේ සඳළිය....