හැඟුම් දහරක,
කිමිදෙන සුන්දරියේ,
මදනල හඬනඟයි,
ඔබේ මුවඟට සිනහ කැන්දන,
වදන් උන් තෙපලයි..
දුහුල් මිහිදුම් යහනක,
වැතිරෙයි ඈ...
සඟවයි ඒ නෙතු,
හිරු නැති යාමෙට,
හිත ලඟ, ආදරය බොහොමයි..
අඳුරේ සැඟවෙයි..
ළමැද සිරවුනු ඇගේ හැඟුමන්,
රාත්‍රියට දී,
රෑ කුමුදිනියකගේ සුවඳ විඳිනට,
නිදි දෙව්දුවහට,
ඇගේ ස්වප්නය, දැනට භාරයි...