සිහිනය

සටහනක් තියන්න

නෙතඟ තැවරි ඇගේ 
මුවඟ රැඳි සිනහව
සිහිනයක් මැයි සිතා
පසෙකලමි ඒ මතකය
කවදා කවුරුන් කියා දෙම්ද
මතකයද සිහිනයද
ඇගේ නම්
සියක් දහක් දින
බලා උන්නෙමි
අයිතිය හඟවන්නට
අවැසි නොව බව 
සිත දන්නවා ඇත
මතකයද සිහිනයද
හදට තද කර තබා ගමි
ඇය මාගේ වන තුරු නොව
මා ඇයගේ වන තුරු මය

උඹට මට

3 දැනට තැබූ සටහන්

උඹට මට
වින්නැහි වෙන්නැති.
සියක් දොහක්,
බලං ඉන්නැති.
උඹට මට.

පෙමක් බඳින්නැති.
කවක් ලියන්නැති.
උඹට මට.
හිතෙත් ඇඳෙන්නැති,
උඹට ඇඬෙන්නැති,
රෑ දොහක.

සියක් ගානකට,
බලා හිඳින්නැති,
අහස් කුස.
පෙමත්, කවත් හරි,
නැතිවුන දා,
උඹට මට.

#‎StreetHarassmentHurts‬ | අපේ ලොවටත් සඳක් පායන්න.

9 දැනට තැබූ සටහන්


"මචං, දවසක් එයිද උඹෙත් මගෙත් නංඟිට අක්කට පාරෙ බැහැලා බය නැතුව යන්න.
හිතට වැදුන මුහුණකට දවසක ගිහින් ආදරෙයි කියන්න.
උඹේ නංඟිගෙ මඟුලට ගොඩවැදිලා ආයුබෝවන් කියන්න.
උඹෙ දුවට මගෙ පුතාගෙන් අවමානයක් නොවෙන්නට?"


ඉදිරියට »

මතක

4 දැනට තැබූ සටහන්

පාර පුරා,
මතක එක දෙක වැටිලා,
යහන පුරා,
ඔබ මැව් සිහින ඇඳිලා,
සිත මා වසඟ කල,
යුවතියක්, යුවතියක්,
ඇඳෙනවා, හැඟෙනවා,
මට,
දැනෙනවා...

පාර පුරා,
ඔබ අත් අල්ලා,
එදාත් අදත් ගිය මඟ,
හෙටත් බලා හිඳී,
ඔබ මා පා නගන තුරා...
සිත මත ඇඳුනා,
හද තුල රැඳුනා,
ඔබේ පෙම් වදන්,
ඔබේ පෙම් හැඟුම්...

අවුරුදු

6 දැනට තැබූ සටහන්

කාලය ඇවිත්,
මල් පිපෙන,
කොහාගේ හඬ ඇහෙන,
කාලය ඇවිත්.

මීන රාශියෙන්,
මේශ රාශියට,
යන්නට හිරුට
කාලය ඇවිත්.

හිරි වැටුනු,
මගෙ හිතට,
පණ පොවන,
නුඹ එක්ක,
එකට අවුරුද්දක් කන්න
හිත යදින,
කාලය ඇවිත්,
ඔව් නුඹ එක්ක,
හිනැහෙන්න,
කාලය ඇවිත්.

හීන

8 දැනට තැබූ සටහන්

හීන,
හැමදාමත් සිතින් දැකපු හීන,
මම තනියම, මගෙ තනියට,
මම ම තනපු හීන,
මගේ හිතට, මගේ අතින් පාට තැවරු හීන.
නුඹත් ඇවිත්,
නුඹේ අතින් පාට කරපු හීන,
නුඹෙත් මගෙත් එකට ඇඳුන ඇඳෙන,
අපේ පුංචි හීන.

එකක් දෙකක්,
තවත් ටිකක් අඳින මකන හීන,
එකෙන් දෙකෙන් මහා ගොඩක්,
ඇති වුනි මට හීන,
නුඹෙත් නුඹේ පුංචි හිතෙන් දැක්ක,
දකින හීන,
එක තිරයක,
එක යායක තවත් අඳිමු හීන.
නුඹේ සිනහ මල් පිපියන්,
මටම පෙනෙන හීන.

සප්ත වර්ණ රේඛාව

3 දැනට තැබූ සටහන්

සප්ත වර්ණ රේඛාව,
අහස් ගැබ මතින් ඇඳෙනු දැක මම,
වැටුනු මහ වරුසාව අමතකව,
තෙත් පොළව ගැන නොසිත,
මඩ කඩිති නොතකමින්,
දිවයමින් ඒ දෙසට...
සිටි පොළොව නැති ලෙසක,
සිත මා අහසට වන්න,
දුර යන්න දුර යන්න,
දුව යන්න දුව යන්න,
ඒ මා දුටු රේඛාව තවත් ඈතට වන්න,
මිරිඟුවක් පසුපසින් දුවන මුවෙක් වැන්න...

සිද්ධියේ මුදුනට