සැඟවීම

6 දැනට තැබූ සටහන්

දෙතොලඟ තැවරූ,
මුහුණු පොඩිය මත ඇතිරූ,
සියොලඟම ගැල්වූ,
විළවුන්ය මන බැන්දූ...

සිත යටට තෙරපූ,
හැඟුම් දහසකි ලොවෙන් හැංඟූ,
සිනහවක් මුව රැන්ඳූ,
ඔබ ඔබම නොව බව දැනෙද ළන්ඳූ...

අතීතය ඔබ හැංඟූ,
කියන නෙක තතු නෙතු ඔබේ දැල්වූ,
වසන් නොකරන්, වසන් නොකරන්,
ඔබ ඔබෙම වෙනු මැනවි ළන්ඳූ...

සිද්ධියේ මුදුනට