ගොළු හදවතක්

4 දැනට තැබූ සටහන්

සිත අවදිවේදැයි නොහැඟෙන යාමයේ,
නෙතු මානයේ මතක් වැල් ඇඳුනාවේ,
ඔබ නොපිපුනු මෙ රාත්‍රියේ,
කුමුදු මල් නොපිපුනාවේ...

ඇඳෙන සිත්තම් එකිනෙක බලා,
ඔබ හිනැහුනා මතකයි,
මැකුන සිත්තම් කඳුළු කැට යට,
සුසුමක් හෙළුවා මතකයි.
නැඟෙන සෝ ගිනි මකා හරිනට,
පියැඹුවා මතකයි....

මලේ අද නුඹ කොයිද සොයම්,
සිහිනයක වෙලි සොඳුරු නෙතු සිතුවම්,
ප්‍රේමයේ හසරැල්,
නොහඳුනන ගොළු හදවතක් අද...
නොමැතිදැයි ගැයුමන්..
සියොතුනේ අද නොමැතිදැයි ගැයුමන්.....

සිද්ධියේ මුදුනට