කඳුළු කතාවක්

1 දැනට තැබූ සටහන්

 පොද වැස්සට තෙමිලා,
පාට එකිනෙක දියවී රූරා වැටෙනා,
සිත්තම බොඳවී,
සිත්තරු හැඬුවා...

කඳුළු බිඳුවක තිබුනා,
උණුහුම් පැන් පොදකට වඩා,
ආදරේ වේදනා,
කැටිකොට ගලනා...

පෙරදා පැවසූ වදන්,
එකිනෙක, එකිනෙක, හදවත ලඟ,
වැටෙමින්, හඬමින්,
කියන්න තතනන
අඳින්න පවසන තවත් එක්,
බොඳවූ...කඳුළු කතාවක්...

සිද්ධියේ මුදුනට