ජීවිතයේ බර,
දරාගත නොහැකි වූ කල්හි,
ආදරය කල ජීවිතය,
විඳීමට නොව, විඳවීමට වූ කල්හි,
සැලෙන් මුවඟ සිපගැන්මට,
ඉතිරිවූයේ වස බිඳුවක් පමණද?
ඉහ ඉහත්තාවට ඇවිත්,
මරණය,
බලා හිඳියි නෙත් යොමා ඈ දෙස,
සවන් වැකුනි,
මරණයම අයැදි ඇගේ,
ජීවිතය ඉල්ලා හඬන,
ශෝකාලාපය...
ජීවිතයේ බර,
හිතුවෙවත් නැති මොහොතක,
ලංකාවේ සින්දු කලාව අමුතුය. සමහරු හොඳ සින්දුවක් ලියා, කියා අසන්නා පිනවයි. මේ අතර ටික දෙනෙක් ටකරන් වලට ගල් ගසමින් අපේ කන්වලට විකාරරූපී ආස්වාදයක් ගෙන දෙයි. බස්වල යෑම, මගීන්ට එපා කරවන සිරාම ක්‍රමයක් තමයි මේ ටකරන් සින්දු දැමීම. පූරුවෙ කල පවක් ගෙවන්නටදෝ අපි එව්වා අසාගෙන යමු.
කොටුවක්,
එහෙම කියලා පටන් ගත්තෙ අද ක්ලාස් එකේදි වෙච්චි දෙයක් නිසා. අද මට bio ක්ලාස්. 7.30ට සෙට් උන ගමන් ආයෙ ඉන්ටර්වල් එකක් ලැබෙන්නෙ 11ට. එතකන් බඩගිනි, චූ බරවල් ලෝඩ් කරන් ඉඳලා කස්ටියම මිස් "හරි දැන් ඉන්ටර්වල් ගන්න" කියපු ගමන් දුවනවා ඕන ඕන දිහාවලට. කොල්ලො ටිකනම් මුලින් කොරන්නෙ කාලා බීලා සප්පායම් වෙන එක. එකෙක් නෑර සංගමිත්ත ඒරියා එකේ සෝටීස් කඩවලට ඉක්මනින් රිංගනවා. මාත් ඉතින් හෙමීට ගාටන් ගියා කන්න...