සොයන මල

15 දැනට තැබූ සටහන්

මිහිදුම කැටි කල,
එක් පිනිබිඳක්,
පිපි මල අග රැඳී...
සිප ගැනුමට පෙර,
හිරු කිරණ,
බඹරිඳු සොයන,
සුපිපි මල,
සීත මැදින් සොයන,
රුවැති මල...

විඩාබර තටු අගට,
ඉඩක් නැහැ වෙහෙස නිවනට,
සීත මිහිදුම පීරමින්,
තවම සොයන,
සුපිපි මල,
රොන් තුඩු අග සිඹිනට,
සිත විඩා නිවුමට....

සිද්ධියේ මුදුනට