මිහිදුම කැටි කල,
එක් පිනිබිඳක්,
පිපි මල අග රැඳී...
සිප ගැනුමට පෙර,
හිරු කිරණ,
බඹරිඳු සොයන,
සුපිපි මල,
සීත මැදින් සොයන,
රුවැති මල...
විඩාබර තටු අගට,
ඉඩක් නැහැ වෙහෙස නිවනට,
සීත මිහිදුම පීරමින්,
තවම සොයන,
සුපිපි මල,
රොන් තුඩු අග සිඹිනට,
සිත විඩා නිවුමට....
හිරුට පෙර
ReplyDeleteරහසේ
සිප ගන්න
එකවරක්
සීතලෙන්
මිඳුනු මා
උණුසුම් කරවන්න
හාදුවෙන්..
ලස්සන සිතුවිල්ලක්.
කැකුලු මල නිසා නොතලා යන්න යමී... =))
ReplyDeleteහිකිස්ස්! :P
Deleteලස්සන වචන ටිකක් යාලු :)
ReplyDeleteස්තූතියි...
Deleteලස්සන කවි සිතුවිල්ලක් !!!
ReplyDeleteස්තූතියි! :)
Deleteපිනිබිදු
ReplyDeleteරගන විට
ඔච්චමට
කොහෙන් විමසන්නද මං
නුඹේ ඔය සිත ගැන....
කදුලු පිනි දියකර හිරු ළග
සිනාසෙන්නට
අලුතින්
ඔබ එනවද?
මලයි මම
නුඹ සොයන
විදින දුක් නේක
කටු අතර සිරව..
තවම එමල,
Deleteසොයමි මම,
සිනාසෙන්නට,
කඳුළු නුඹ නෙතඟ,
වියැකෙනු දැකුමට...
හීන කුමටද රිදෙයි නෙතු අග
Deleteරොන් දරා නුඹ නමින් පුදනට
පෙරැම් පිරුවත් කදුලු ගංඉම
සිහිනයකි එය සෙමෙන් මියයන...
රිදෙන නුඹ නෙතු අග,
Deleteසිප නිවා සනසනට,
සොයන මල නුඹ කොහිද?
පාට නැගුමට නුඹේ සිහිනෙට...
මල් නොපිපි මිටියාවතක
Deleteමිහිදුම් සේල මැද
පැල්පත් මාලිගයක් අසබඩ
එකම මල මම
තනිව ළතැවෙන.....
පාළු මිටියාවතම,
Deleteසුවඳ කරන,
මල වෙන්න නුඹ...
මිහිදුම් සේල මැද,
හිමිදිරි හිරු කිරණ දැක,
සැනසෙන්න නුඹ...
නි
ReplyDeleteය
ම
යි... :-bd
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හිහි.. ස්තූතියි! :)
Delete