කඳුළු වැහි බිඳු

සටහනක් තියන්න

සුදු, අළු පාට වළාකුළු,
රාත්‍රියේදී කළුවටමයි..
හඳ, තරු වැසෙන්නට ඝන අන්ධකාරයක්,
අහස්ගැබ වෙළාගෙන...
තිත්ත කළුවර මැද,
ඇරඹුන සීතල වැස්සකට මැදිවුන,
කාටත් නොඇසෙන, නොහැඟෙන,
හැඬුමක්, අකුණු සැරයක් මැද,
එළිය වුනු මුහුණක් මත දුටිමි...
වැහිපොදට වඩා කඳුලක් බරයැයි හැඟුනි...
එත් ඒ වැස්ස, කඳුල හංගන්නට, හැඬුම වළලන්නටමයි
හිතේ තදවුන හැඟුම්,
පුපුරා අකුණු සැර පරදයි..
වැස්සට තුති,
ලොවෙන් සැඟවූවාට, තවත් එක කඳුළක්....

සිද්ධියේ මුදුනට