පාට පාට

4 දැනට තැබූ සටහන්

රතු,
කහ,
කොළ,

පාට පාට සරුවත් බීම,
මහ දහවල මැද,
දහදිය පෙරාන මවන,
නුඹේ,
පාට පාට,
විච්චූරණ හීන...

අවසර දෙනවානම්...

1 දැනට තැබූ සටහන්

අඳුරට ඉඩ දෙන්න,
දහවල උනුහුම ඔබෙන්,
ඉවතට ගෙන යන්න...

බඹරිඳුට අවසරයි,
මලට බරක් වන,
රොන් සුනු ගෙන යන්න...

හිරු කිරණ දඟකරයි,
තණ මත රැඳි,
පිනි බිඳු ගෙන යන්න...

ළඳුනේ, අවසර දෙනවානම්,
සොඳුරු ඔබේ,
හදවත ගෙන යන්න...

සිද්ධියේ මුදුනට