හද උමතුවෙන්

2 දැනට තැබූ සටහන්

 හිතට හොරා කොහෙදින් ඇවිදින්,
ලඟට වෙලා කියනා කියුමන්,
නෙතඟ බලා හිඳ පෙම් හැඟුම්,
දුරකට වෙන්නට බෑ අදනම්...

කෝළ බැලුම් නුඹ හදහි දරා,
මසිත සරා නුඹ උමතු වෙලා,
නඟන සිනා වැල් දෝරෙ ගලා,
ඔබ මගෙමැයි යැයි මට හැඟුනා...

වස්සානේ පිනි පොද මැදින්,
කැටි කරන් එන මල් හැඟුම්,
ලපළු තුරු වියනටින්,
ඇවිද යන්න ඔබ හිත අරන්,
මතුකරන් අද හැඟුම්...
මා ඔබෙයි හද උමතුවෙන්...

සිද්ධියේ මුදුනට