ප්‍රේමය

4 දැනට තැබූ සටහන්

ඔබ මට ප්‍රේම කරනවාද?
සුසුමක් හෙළූ ඔහු ඈ දෙනෙත් තුල අයා,
සොඳුර,
ප්‍රේමය යන්න,
වචනය මා නොදනී,
අර්ථය මා නොහඳුනයි,
කියාදෙන්නට කිසිවකු නොදනී..
එසේනම්, කෙසේ කරම් මම නුඹට ප්‍රේමය?
කියාදෙන්නට වදන් නැති මෙය,
ලියන්නට කවියන් වෙර දැරූ එය,
සිතාගන්නට සිත නැතුව නොව,
පතන්නට මට, හිතන්නට මට,
ඉඩක් ඇත්දැයි තවම සොයමි මම...
අරුත වටහා ගත් දිනක,
ඔබටත්, මටත්, ලොවටත් කියන්නට,
තවමත් සොයමි මම,
කුමක්දැයි මේ,
ප්‍රේමය...

සිද්ධියේ මුදුනට