පෙම

2 දැනට තැබූ සටහන්

රල පතර පෙන කැටිති,
විසිරි සිරි ඇතිරු හැටි,
ඔබෙ සහස ලඟ නැවති,
මියුරු මුදු පෙම් සුවකි...

අහස් කුස ගැබ්බරයි,
සිතිජ ඉම වෙත දුවයි,
ඔබෙ හිතත් මා රැගෙන,
අනන්තය වෙත දුවයි..

ලිහිණියකු රැගෙන එන,
වෙරළ මත ඇඳෙන එම,
රහස මට කියනු කිම,
සිනහවෙන් ඔබ වසන..

ළමැද හොවා මා වතම,
ඇඳී පෙම් කවි දහස,
ඔබ ලඟම තව රැඳෙන,
තව දිනක් මම සොයන...

සිද්ධියේ මුදුනට