පළමු හමුවීම

4 දැනට තැබූ සටහන්

හමු වූ මුල් දිනම,
නෙක පැතුම් සිත දරාන,
බලා උන්නෙමි, ඔබේ නෙතු කැට දෙස,
මුවඟට වදන් එකිනෙක ගලපන්න,
ඉඩක් නැතිවැයි, ගොළුව ඉන්නට,
තෙපලන වචන එකිනෙක ඇහිඳ,
මනසින් ඈඳුවෙමි ඔබේ ප්‍රේමාද්‍යාසය...

බිම බලා හුන් දෙනෙත,
දුකක් රඳවා ඇති ලෙසක,
හිත කීරි ගැහුන, ඒ වචන පෙල,
ඇසී ඉකිබිඳිනු ඇසුනි මා හද...
ඈ මගේ නොව, මා ඇගේ නොව බව,
සිතට දරා ගැනුමට, සිතා ගැනුමට නොහැකිව,
තවම තතනමි ගලපන්නට,
ඔබ - මම - අපි නැති හෙට ගැන...

සිද්ධියේ මුදුනට