අළුත් අවුරුද්දට....

10 දැනට තැබූ සටහන්

වත් අවුරුද්දක් ගෙවිලා ගිහින්... මායාවරුන්ගෙ දිරච්ච කඹය(ලණු කියලා මදි නිසා), ඔබාමා මහත්තයා ආයෙත් පුටුවට ඒම, ලන්ඩන් ඔලිම්පික් උළෙල, අපි ආයෙත් කප් ෆයිනල් එකේදි ඇදගෙන නෑම වැනි පුදුමාකාර සිද්ධි ගොන්නක් මැදින්, 2012ත් හොරෙන්ම පැනලා ගිහින්...
         වරදක් නැති අවුරුද්දක්, ආපස්සට හැරිලා බලද්දි වෙනස් කරන්න පුළුවන්නම් කියල හිතුන දේවල් දෙක තුනක් තියෙනවා... මං හිතන්නෙ හැමෝටම එහෙම වෙන්න ඇති. සිද්ධ උන වැරදි හදාගෙන ඉස්සරහට යන්න හැමෝම හිතන් ඇති කියලා හිතනවා...

         ආදරේ කරා, අළුත් යාළුවො හදාගත්තා, රන්ඩු උනා, යාළු උනා... මේ හැම දෙයක් එක්කම මගේ අතින් අළුත් සිද්ධියක් ලියවුනා... ඒ හැම සිද්ධියක් එක්කම මාත් එක්ක එකට හිටිය මගේ මිතුරු කැලට ගොඩාක් ස්තූතියි... හැමදාම වෙනස් වෙන, හැමදාම අළුත් වෙන ජීවිත පිටු අතරට, මගේ පද පේලියකින් මොකක්හරි අල්ප මාත්‍රයක් හෝ එකතු උනානම්, සිද්ධිය ලියන මට ඒක ලොකු සතුටක්....

         ඉස්සරහටත් මම දකින, මට දැනෙන බොහොමයක් දේවල් අළුත් සිද්ධි වෙලා සිද්ධියෙ පිටු අතරට එකතු වේවි... ඒ හැම තැනකදිම මාත් එක්ක ඉඳිවි කියලා මම ආසාවෙන් බලන් ඉන්නවා... ගෙවිලා ගියපු අවුරුද්දෙ මතකයත් හිතේ දරාගෙන, අළුත් අවුරුද්ද ආදරෙන් පිලිගනිමු...

සිද්ධියත් එක්ක රැඳෙන ඔයාලා හැමෝටම, සුභම සුභ නව වසරක් වේවා...

සිද්ධියේ මුදුනට