සහස

5 දැනට තැබූ සටහන්

මතක මාවත දෙස හැරී බලමි,
ආ උන් ගැන,
ගිය උන් ගැන...
ඔබ ආ දින...
මල් පිපුනු ඒ මාවත දිගේ,
අදත් හෙමින් අඩිය තබමි,
පයට පෑගෙන වියැලි අතුමෙනි,
ඔබේ මතක.. අද එකිනෙක වියැලන...
මතකය ඉතිරිකර ගිය ඔබ,
සිහිනයක් දෝ එය හැඟෙයි මට,
ඔබ වත මා පපුතුරු සැඟවූ එදවස,
සිහිනයක්දෝ තවත් සොයමි මම...
පෑ සිනහ මල් නෙකතර,
කොබෝ ලීල පීදුනි එදවස,
දකිනට වරක් එම දසුන,
හැරෙමි, බලා හිඳිමි,
ඔබ මා හා හිනැහුනු,
ඒ දසුන... ඔබ සහස....

සිද්ධියේ මුදුනට