ගෙත්තම

5 දැනට තැබූ සටහන්

කාලයත් එක්ක,
අපි ගෙතුව ගෙත්තමක්,
රටා දමමින්, හැඩට සැදි,
පාට එකිනෙක ගලපා,
ගෙතුව එක ගෙත්තමක්...

නොදන්නා සිත්තරකු සමඟ ඔබ,
අඳින්නට ගිය සිත්තමක්,
ඉතිරි කලේ අපට,
පැටළුනු ඉරුනු කමකට නැති,
පාටත් නැති ගෙත්තමක්...

එය තවත් එපායැයි කියා ඔබ,
ඉරා විසිකලා මතකයි,
ඔබේ දෙපාමුල නූල් කැබලි තිබුනා මට මතකයි,
ඉඳිකටු තුඩ සිදුරු කල මගෙ හදවත,
නෙතු පියවෙන තුරු දැක්කේ,
පෙර අප ගෙතූ ගෙත්තමම පමණයි...

ආත්මය

4 දැනට තැබූ සටහන්

දඩ බඩ,
සැඩ හඬ,
මැද වගුරන,
ඔබේ ජීවිතය,
"විජේ තව පැත්තට!"
ලොක්කාගේ අණට,
හාරන වල,
ඇඟිලි පුරුක් අතුරින්,
මිරිකෙන ජීවිතය,
ඩා බිඳු එකිනෙක,
රූරා ගලයි,
පෙන්වමින් නුඹේ වීරිය,
සිඟාකෑමට නොව,
අත වෙර, හිත වෙර,
එකතු කර පෙන්වන,
නුඹේ ආත්මය......

සිද්ධියේ මුදුනට