අද

12 දැනට තැබූ සටහන්

ඔබ අතගෙන, අතැඟිලි පටලා,
පියමැන්නෙමි ඒ සොඳුරු මාවත මතින්,
උරිස මත්තෙන් තැබූ ඔබෙ හිස අග,
දඟකරන කෙස් රැල්ලක පැටලී එන,
මන්ද මාරුත ඉම දෙස බලා සිනාසුනෙමි,
අද...

වෙනදා සොඳුරු බස් තෙපලන ඔබ මුවඟ,
නිහඬ ඇයි අද සොඳුර,
හිස හොවා මා ළය මත,
පියා නෙතු සඟල,
තුරුලු වී ඔබ හුන් මතකය,
අමතක කරම් හෙට මා කෙලෙස?

සිතිජ ඉම සිප එන,
මාරුතය කෙඳිරූ ඒ සොඳුරු වදන් පෙල,
අහවර කලා දිවා රුදු වූ හිරු රැස,
ඔබ අත ගෙන,
නැවතත් පියමනිනට ආසයි,
ඒ මාවත,
ඒ මතකය,
ආදරයෙන් යලි වරක්,
සිහිකරනු පිණිස....

සිද්ධියේ මුදුනට