සොඳුරු සිත්තම්

1 දැනට තැබූ සටහන්

පැන්සලය අතෙක රඳවා,
සිතෙහි ඇඳුනු රුවක් මවන්නට,
රළු කැන්වසයක් මත...
මැකෙයි, ඇඳෙයි නෙක නෙක රූ රටා,
හීන පොද කැටි කරන් ගල්වයි වර්ණයන්..
සිත්තමක් අඳිනට, පිකාසෝ නොවුනද,

මැටි ගුලියකි ඇඟිලි මත සිරවුනු,
ඇඹරෙයි, තැලෙයි, පොඩිවෙයි..
හැඩයන් මැවෙයි, නෙතට දැනෙන...
ඇන්ජෙලෝගේ ඩේවිඩ් නොව,
සාංකාව මකන කළාවකි මෙය...

පින්සල, පැන්සල, පෑන අතට ගත්තෝ,
කළාකරුවන්ද,
ජීවිතයක් අඹන අපිත්..
කළාකරුවන් නොවෙමුද?

තවත් Red Bull වැඩකරුවෙක්

4 දැනට තැබූ සටහන්

රෙඩ්බුල් කිව්ව ගමන් ඉතින් අපෙ කස්ටිය මෝල් වෙලා පැනලා එනවනෙ! හිහි, ඉතින් ඔන්න තවත් ඒ වගේ එළකිරි අයිටමයක් හෙට අනිද්දම බලාගන්න පිනා චාන්ස් එකක් එන්ටයි හදන්නෙ! ආසයිනෙ? හිහි...
කවුද, කින්ද, මන්ද කියලා බලන්නටකෝ... වැදගත් වැඩක් නිසා ලියන්ට හිතුනා, තවත් එක වැඩකෑලි දැක්වීමක් නෙවෙන නිසාම...

ඉදිරියට »
සිද්ධියේ මුදුනට