රෙඩ්බුල් කිව්ව ගමන් ඉතින් අපෙ කස්ටිය මෝල් වෙලා පැනලා එනවනෙ! හිහි, ඉතින් ඔන්න තවත් ඒ වගේ එළකිරි අයිටමයක් හෙට අනිද්දම බලාගන්න පිනා චාන්ස් එකක් එන්ටයි හදන්නෙ! ආසයිනෙ? හිහි...
කවුද, කින්ද, මන්ද කියලා බලන්නටකෝ... වැදගත් වැඩක් නිසා ලියන්ට හිතුනා, තවත් එක වැඩකෑලි දැක්වීමක් නෙවෙන නිසාම...
කවුද?
ඕන්ට ඉතින් කතාව මෙහෙමයි, ක්‍රිස් ෆෙයිෆර් (Chris Pfeiffer) වෲත්තීය යතුරුපැදි සරඹ ශිල්පියෙක්. එහෙම කිව්වට අපේ උන්ට තේරෙන එකක්යැ... අර බයිසිකල් වල නැඟලා වැඩ පෙන්නන එකෙක්... ආන්න එහෙම එන්නකො...(වැඩිදුර විස්තර මෙතනින් බලන්න)
මෙයාගෙ බුකියෙ පිටුවට ලැයිකුවකුත් දැම්මනම්...
හිහි, කොහොම කොහොම හරි, මෙයා එළමකිරි ඩයල් එකක්, ආයෙ ෆුල් ආතල් එකක් ගතැහැකි(හරි විදියට තේරුම් ගන්න!!) ලෝකෙ පුරාම නියම සන්දර්ශන විශාල වශයෙන් කරපු, ප්‍රසිද්ධ පුද්ගලයෙක්...පුල් සීරියස් ඈ! මීට කලින් එකපාරක් මෙය ලංකාවෙ සන්දර්ශනයක් කරලා තියෙනවා, ඔය පහලින් දාලා තියෙන්නෙ ඒ අතරතුර ගත්ත පොටෝ කෑලි ටිකක්. යටින්ම ඇති යූබටේ දාපු වීඩියෝ කෑල්ලකුත්! සුපිරි ඈ!
සෙල්ලන්ද කොල්ලෝ කිව්වලු! ඔන්ට කියාපු විදියට යූ-බටෙන් මෙයාගෙ වැඩ කෑල්ලක් බලන්නටකෝ, කලින් පාර ලංකාවට ආපු වෙලේ ත්‍රීවිල් මල්ලියෙකුත් අල්ලන් දුන්ට වැඩක්!
මේකනෙ සීන් එක. ලංකාවෙ අවුරුදු ගානක් තිබුන යුද්දෙ නිසා අපෙ රටට සංචාරකයො එන එක අඩුවෙලානෙ තිබුනෙ... නැතෙයි? දැන් ඉතින් අපිට ලැබුන නිදහස, පෙන්වන්නත් එපැයි එලියට.. ලංකාව ආරක්ශිත තැනක් සංචාරකයොන්ට කියලා. මේ වගේ ලෝකප්‍රසිද්ධ බුවෙක් ඇවිත් මේ වගෙ දෙයක් නිදහසේ, අපිත් එක්ක එකට ඉඳන් කරාම... කාටත් පේනවනෙ ලංකාව නිදහස්, සාමකාමී රටක් කියලා... එව්වා පැත්තකින් තියලා බලන්ටකො කස්ටියටම එකතුවෙලා ගතහැකි ෆන් එක.. ඒක නිසා සෙටාර් එකම බහින්න ඕනෙ හොඳේ!!!
කොහේද?
මාර්තු 1වෙනිදා, පළවෙනි සංදර්ශනය තියෙන්නෙ යාපනය, දොරෙයප්පා ක්‍රීඩාංගනයෙදි (ඒ පැත්තෙ කව්රුහරි ඉන්නවනම් යන්න කියන්න ඈ)
මාර්තු 3වෙනිදා, දෙවෙනි සංදර්ශනය තියෙන්නෙ නෙළුම් පොකුණ මාවතේ හවස 3ටත්, ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල හවස 5ටත් (වෙලාවට එන්ට ඈ!)
ආ, මෙන්න බුකියෙ සංදර්ශනයට අදාල Event Page එක, ඉන්නවනම් Join වෙලා සප් එකක් දෙන්නකෝ! මෙතන වැඩිදුර තොරතුරු, පින්තූර එහෙම තියෙනව. ගිහින්ම බලන්නකෝ!
කවුද මේක කරන්නෙ?
Red Bull Sri Lanka තමයි ගේම දෙන්නෙ!
අන්තර්ජාල මාධ්‍ය දායකත්වය, Neo@Ogilvy Sri Lanka ආයෙ සුපිරියටම තියෙනවා ඈ!
ආහ් ඔව්, තව ඩිංගෙන් අමතක වෙනවා, ගාස්තුව, හොඳම මිලට... ඒ කිව්වෙ... නොමිළේ!!! ඒක නිසා කස්ටියම එකතුවෙලා එන්ට ඕනෙ ඈ! යාළුවො එක්ක එකතුවෙලා හොඳ ෆන් එකක් ගන්න ගමන්, අපේ පුංචි ලංකාවටත් ලොකු සේවයක් වෙනබව මතක තියාගන්න...
වැඩිදුර විස්තර අවශ්‍යනම්...
Nadheera Udawatthe
NEO@Ogilvy
Phoenix O&M (Pvt) Ltd., Colombo
Follow @nnulk
එහෙනම් එන්නම ඕනෙ ඈ, ඇවිත් මේ රෙඩ්බුල්ලාටත් සප් එක දීගෙන ෆුල් ආතල් එකක් ගන්න සෙට් වෙන්ටකෝ! ජය වේවා!
වයිල්ඩ් එලිපන්ට් ගහලා මේවා කරන්න බැරිද....
ReplyDeleteකොරලම බලමුද .
Deleteමුණු පොතෙන් මමත් විස්තර ටිකක් දැනගත්තා
ReplyDeleteඑළ එළ! ^_^
DeleteThank You and I have a neat offer: House Renovation Designer Near Me home exterior renovation contractors
ReplyDelete