තනිකමද, පාළුවද රජයන,
සුසුමක අසමාකාර හඬ,
විශමාකාර ලොවක් තුල,
සමමිතිය සොයන්නී ඈ
නියමයන් නොදන්නා හදවතක්,
විකසිත වන්ට දඟලනු දුටුවද,
මුකුලිත කරයි මනෝභාවය
රූරා වැටෙන කඳුළු බිඳුවක,
දියරමය සිතුවිලිය,
මතකයන්ය
වර්ණ හතක අරුමය නුදුටුවද,
කළු සුදු මැද ඈ අළු විය...
හ්ම්ම් ගොඩාක් ඩේ කියලා තියෙනවා මේ පේලි හත අටේ :)
ReplyDelete