විහිදීය ඈ තාලයට පාද පොඩි,
සුළඟ හා පොර බදමින්,
සංගීත ස්වරයක වෙලෙමින්,
ලොවක බර මොහොතකට අමතක කරමින්...
අරුත සොයන ජීවිතයට,
නිමක් නොපෙනෙන, තෙරක් නොදැනෙන,
ගමනක එක නිවහනක්යැයි සිතමින්,
දුටු දෙනෙත් වසඟයට ගනිමින්,
සවන් යොමු කර වැයෙන තාලයට,
නටත් ඈ ලොවම ඉදිරියෙන්,
නැත සිතේ එකදු බැඳුමක වගක්,
සොයන්නට කෙනෙක්?
ඈ කවුද?
කසුකුසුව වැඩිවෙත්ම හැරී බලත් ඈ ඔවුන් දෙස,
මාත් ඔබමය, ඔබේ දුවමය, ඔබේ ප්‍රියාවියමය,
අද මට මගෙන් අවසර ලැබුනි, මා හටම මොහොතකට,
මොහොතක මිදෙන්නට, මට මගෙන් මිදෙන්නට...
සංගීතය... මේ සොඳුරු නැටුම පියාපත් දුනි මා හට...
මිදෙන්න, වරකට හෝ.. ඔබෙන්...
ගයන්න ගීයක්, ලියන්න කවියක්, රඟන්න රැඟුමක්...
හඬ ගෑය ඈ... බලා සිටි, මුව අයා සිටි ඔවුන් දෙස...