දිය බිංදු

6 දැනට තැබූ සටහන්

දිය බිඳකට හඬ නැගුවලු,
රැකෙන්නට,
පණ තියාගන්නට,
පොළවෙ හැපුනලු මළ කඳක්,
එකක්,
දෙකක්,
තුනක්...
දිය බිඳ වෙනුවට ලේ බිඳක් ලැබුනලු,
තෙමන්නට උන්ගෙ පිපාසය,
හැඬුවලු,
මොර දිදී හැඬුවලු,
ගැලූ කඳුලද පොලවට,
දිය බිඳ හැර රතු ලේ බිඳු,
හැඬූ උන්ගෙ කඳුළු බින්දු,
බලා උන්නුන්ගෙ සෝ සුසුම්,
දරා උන්නලු ඒ මහ පොළොව,
තාම හොයනවලු,
දිය බිංදු...

සිද්ධියේ මුදුනට