සිත අවදිවේදැයි නොහැඟෙන යාමයේ,
නෙතු මානයේ මතක් වැල් ඇඳුනාවේ,
ඔබ නොපිපුනු මෙ රාත්‍රියේ,
කුමුදු මල් නොපිපුනාවේ...
ඇඳෙන සිත්තම් එකිනෙක බලා,
ඔබ හිනැහුනා මතකයි,
මැකුන සිත්තම් කඳුළු කැට යට,
සුසුමක් හෙළුවා මතකයි.
නැඟෙන සෝ ගිනි මකා හරිනට,
පියැඹුවා මතකයි....
මලේ අද නුඹ කොයිද සොයම්,
සිහිනයක වෙලි සොඳුරු නෙතු සිතුවම්,
ප්‍රේමයේ හසරැල්,
නොහඳුනන ගොළු හදවතක් අද...
නොමැතිදැයි ගැයුමන්..
සියොතුනේ අද නොමැතිදැයි ගැයුමන්.....
ශහ්.. මැරු..
ReplyDeleteජය..!!
B-)
තේරුනේ නෑ..
ReplyDeleteආයේ පාරක් කියෝමු බලන්න....
කුරුල්ලෝ නිවාඩු ගිහින්. ඒකයි කුරුළු ගී නැත්තේ.
ReplyDeleteගොලු හදවත් හැමතැනම
ReplyDelete