හැඟුම් දහරක,
කිමිදෙන සුන්දරියේ,
මදනල හඬනඟයි,
ඔබේ මුවඟට සිනහ කැන්දන,
වදන් උන් තෙපලයි..
දුහුල් මිහිදුම් යහනක,
වැතිරෙයි ඈ...
සඟවයි ඒ නෙතු,
හිරු නැති යාමෙට,
හිත ලඟ, ආදරය බොහොමයි..
අඳුරේ සැඟවෙයි..
ළමැද සිරවුනු ඇගේ හැඟුමන්,
රාත්‍රියට දී,
රෑ කුමුදිනියකගේ සුවඳ විඳිනට,
නිදි දෙව්දුවහට,
ඇගේ ස්වප්නය, දැනට භාරයි...
මොකක්ද බාරයක් ඔප්පුකරන සීන් එකක් ද.....
ReplyDeleteමොකා? o.O
Deleteඇගේ ස්වප්නය, දැනට භාරයි...?
Deleteසිහිනය දෙනවා කියලා අදහස් කලේ...
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි අක්කා..
Delete