දින කීපයකට පෙර අපෙ නඟා මට ගෙනත් පෙන්වූ, ඇගේම පුංචි පහේ වැඩක් ගැන ලිවීමට කැමැත්තෙමි.
මම බ්ලොගියේ කවියක් ලියන්නේ හිතට එන අයිඩියාක් එවේලෙට කොහේ හෝ කුරුටු ගා, පසුව ඕක හිතුන වෙලාවකට මෙකෙ කොටයි. ඒත් අපෙ නඟාගේ කවියක් මම මීට පෙර කියවා තිබුනේ නැත. ලියා තිබුන දේත් පට්ටය. මෙහෙම දින කීපයක්ම නියම කවි ටිකක් ඈ අතින් ලියවින. මෙයින් හොඳ, පුංචි කවියක් බුකියේ අම්බලම ගෲපියේ ඈ දමා තිබෙනු මම දුටුවෙමි. එය මෙතන ලියා දැක්වීමට මම කැමැත්තෙමි.
තැවි තැවී බර වුණු,
නෙත් කෙවෙනි,
තෙත් කළ,
මගේ සෝ කඳුළැලි,
කඩා හැළෙන විට,
නුඹේ විකසිත,
සිනහ මල් මත,
කියව අසතුටු
වන්ට කාරණ...?
නංගෝ... හරිම ලස්සනයි... :') අයියාට පුල් හැපී!!!
නගාටත් බ්ලොගක් කරන්න කිව්වොත් මොකෝ බන්
ReplyDeleteහ්ම්ම්.... ඒක නම් මරු අයිඩියා එක... නංගි බ්ලොග් එකක් හදන් කවි ලියද්දි කාටද ආඩම්බර....???
Deleteඅනිවා, මෙයාට හදලා දෙන්න ඕන ඉක්මනටම. මම කියන්නම්කෝ! :D
Deleteකවිය ඇත්තට ම ලස්සනයි. නඟාටත් බ්ලොග් ලියන්න කිව්වා නම් හොඳයි තමා.....
ReplyDeleteඔව් ඔව්... ඉක්මනටම හදලා දෙන්නම්කෝ!
Deleteහ්ම්ම් බලන්න අයියා කොච්චර හොදද කියලා
ReplyDeleteහිහි, ඒකනෙ! ^_^
Deleteඑ කවිය ලියල තියෙන්නෙ මගෙ හොදම යාලුවා
ReplyDelete