හිතන්නෙපා, ඔබ, මගේමයි කියා,
හිතන්නෙපා ඔබ මිරිඟුවක් කියා,
හිතන්නෙපා ඔබ, මට දුරයි කියා,
සිතින් ලඳේ, මා ඔබ තුරුලට වෙලා...
හෙමින් බලා ඉඟිබිඟි කලා ඔයා,
දෙතොලඟට වඩා, නෙත් සඟල කතා කලා,
මදනල පවා, දඟකලා, හිනැහුනා,
ඔය නෙතු දිහා බලන්,
කුමරිය මා සැනසුනා...
පැතුමන් පතා, ඔබ මා තුරුලේ හොවා,
හිඳිනා දිනක්, ගැන මසිත කතා කලා,
ඔබ පතමින්, ළතැවෙමින්, මාස සති ගණන් උනා,
අන්සතු වුනු ලඳේ....
ආදරේ බොරුවක් උනා...
හිතන්නෙ නෑ, ඔබ මගේමයැයි කියා,
හිතන්නෙ නෑ, ඔබ මා හැරගියා කියා,
නෑ හිතන්නෙ නෑ...
තවමත් මගේ කියා...
ආදරේ පතන්, ඈ ජීවිතෙන්...
යන්නටම ගියා....
අයියෝ සෑඩ් එන්ඩ් එකක්නෙ...:(
ReplyDeleteමොනා කරන්නද අෆ්ෆා! :'(
Deleteමෙලඩියක් අවශ්‍යයි
ReplyDeleteහිහී... කව්ද අෆ්ෆා ඕවා කරන්නෙ...
Delete