අනන්තයට, සරන මගේ හීන,
දිගන්තයක, රැඳුනි ඔබෙ දෑස,
මටද හොරා, රැගෙන මගේ හීන,
සෙව්වන්දිය, නුඹ ගියා මගෙන් දුර ඈත...
සඳ මඬල මැදින්, සොයන්නම්,
මද පවන මැදින් ඔබ එනතුරා,
බලා හිඳින්නම්,
ඔබේ දෑස මගෙම වන තුරා,
හිඳින්නම්, සෙව්වන්දියේ....
හිනැහුනා මතකයි, තවමත්,
සැනහුනා මතකයි, ඔබේ රුව දෙසින්,
නෙතු නොහැර හිඳින්නම්,
ඔබේ නිල් නෙතින්,
සදා රැඳෙන්නම්....
0 අදහස් :
Post a Comment
සටහනක් තියලා යන්න...