රේඛා සටහන් එකිනෙක ඇඳිනි,
සිත් පවුර මත,
ඔබ අතින්, මා අතින්,
ඔබ හස රැඳුනි මතකයෙහි රූ රටා,
නෙතු අග රැඳි කැඳුළු කැටක වෙන්වී යන,
හිරු කිරණක් මෙන්,
වර්ණ විහිදීය,
මා හද පුරා,
ඔබ තෙපලූ වදන් කොඳුරයි තවත්,
සිහිනෙන් හෝ ඔබ දැකගන්නට,
සරමි නෙතු අයා,
දක්නා සෑම නෙතු සඟලතර,
සෙවීමි ඔබ දෙනයන ,
තවත් වරක් දැක ගන්නට,
රැඳෙන්නට,
සැනහෙන්නට,
ඒ මතකයට සමුදෙන්නට,
මා හද පවුරු බිඳලූ විජ්ජුලතා,
මාළිගය අතැර යන්නට,
පවුර බිඳලන්නට කාලයයි...
ප්‍රශ්ණයක්.. ඇයි මලයෝ ඒ මතකයට සමුදෙන්නේ?
ReplyDeleteමතකෙට සමු දෙන එක තමා අමාරු උනත් කරන්න තියෙන හොදම දේ...
ReplyDeleteහැබැයි පස්සේ කාලෙක මතක් කරලා හිතිං හිනා වෙන්න චුට්ටක් ඉතුරු කරගත්තත් වරදක් නෑ...
මරු
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමතකයන් අමතක කරන්න...හරිම අමාරු වැඩක්...
ReplyDeleteහමුවිම සතුටකි, සමුගැන්ම වේදනාවකි, ඒත් පසුකලෙක සොදුරු මතකයක් ද වේවි.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්