වෙරළ තීරේ අගිස්සේ,
ගං ඉවුරු අසබඩින්,
පියඹා...
අළුයමට පෙර මල් සිඹින්නට,
රොන් උරන්නට,
කුමුදු මල් සෙව් කිරිල්ලියේ,
පියඹා, රෑනේ යන්නට අවුත්..
සැරින් සැරේ නෙතු අද්දර,
හීන මවනා,
රාත්‍රියේ චන්ද්‍රකාන්තිය ඔබයි,
කිරිල්ලියේ...
පමාවී ඈතට ඇදී, නෙතු මානයෙන් එහා,
වෙන්වී නෙතු අගට දුක දී,
අත්තටු සළන, කිරිල්ලියේ,
රාත්‍රිය එනතුරු බලා ඉන්නෙමි,
නැවත ඔබේ තටු මත්තට වී,
දෙතොලතර, සැඟවෙන්නට....
"රාත්‍රියට ඇස් තියෙන නිසා දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි..."
ReplyDeleteකවි සිතුවිල්ල නම් ගින්දර !
හිහි, අනේ අපිනම් හොඳ ළමයි! O:-)
Deleteහේ හේ මධු අයියාගේ කතාව ඇත්ත මල්ලියෝ....
Deleteහිහී... ;-)
Deleteලස්සනයි ලස්සනයි කවි සිතුවිල්ල...
ReplyDeleteස්තූතියි...
Deleteහ්ම්ම්ම්ම්... මුලින් කියවද්දි හිතිච්ච දේ නෙවෙයි අගට එනකොට හිතුනේ...
ReplyDeleteඒක නරකද ඉතින්? :-/
Deleteනිසාචර කිරිල්ලී...
ReplyDeleteබලාගෙන ඈ,..
හිකි හිකි :P
Deleteරාත්‍රී අහසක
ReplyDeleteරෑ සොදුරු එළි ලග
තනි වෙන්න හිතයි
මට තව
රෑ කිරිල්ලියේ
නුඹ ලගම..
නියමෙට ලියල තියනවා
ReplyDeleteලස්සනයි පද පෙළ...
ReplyDeleteලස්සනයි යාලු !
ReplyDelete