සොයමි

12 දැනට තැබූ සටහන්

තරු පිරි අහසේ,
එක් තරුවක් සොයමි මම,
සඳකැන් මත පිහිනමින්,
දිදුලන ඔබේ සෙනෙහස සොයමි මම..

අඳුරට අයිති ඔබ,
කොහෙදැයි සොයමි මම,
අවරට ගිය හිරු නැවත එනතුරු,
ක්ශිතිජයටද ඔබ්බෙන් ඔබව සොයමි මම...

හිරු අරක් ගත් අහස,
දවාලූවා මගේ සිහින,
අඳුරු නොපෙනෙන යාමය වුවද,
රැයට තවමත් ආදරෙයි, මම....

කවිය ඔබ

16 දැනට තැබූ සටහන්

කවිය ඔබ,
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී..
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ,
කවිය ඔබ, කවිය ඔබ...

ඉදිරියට »

දෙකෙන් එකක්

21 දැනට තැබූ සටහන්

මිතුදම
ආදරය
පටලගෙන
වලිකන..

බේරගන්නේ
රැවුලද?
කැඳද?

ගොම්මනක පැතුමක්

24 දැනට තැබූ සටහන්

අවරට ගොස් හිරුකිරණ,
ගොම්මන කැන්දන සෙමෙන් අඳුර,
දහවල නිලක වෙනස පෙනුමට,
නෙක පාට සළුලත් වළාකුළු කැටි එකට...

අඳුරත් සමඟ,
ඇදෙන එකිනෙක තරු කැට,
මවයි බන්දයි රටා නෙක ඇස පිනන,
සිතද සනහන මුදු පවනක එතී,
පා නගමි නිවෙස්නට,
ඈව දකිනට, මා දයාවිය...

සඳළුතල මත්තට වී,
එනතුරු මග බලා හිඳිමි,
රැගෙන සඳ සාවිය,
ඈම විය... මගේ සඳළිය....

වැටුනු සළඹ

13 දැනට තැබූ සටහන්

සිලිං සිලිං,
පා සළඹ,
වැනුනි, ගැයුවේ ඔවුනගෙ ගීතය,
වේදිකාව මත රඟන ඈගෙ,
පා පහස ලැබ,
හඬ නැගීය තාලයට...

වන්නමට සීරුවෙන්,
පාද එක දෙක තබන්,
සිනහවක් මුව හොවන්,
නටත් ඈ සොම්නසින්...

රටා මවමින් නෙක,
පාද යයි නැටුමට,
බෙර හඬට තාලයට,
අවනතයි හිතට පෙර...

පාද පොඩි පැකිළුනා,
                                                                   බෙර හඬද නැවතුනා,
                                                                   පාද පොඩි පහස නැති,
                                                                   පා සළඹ නැවතුනා...

සොයන මල

15 දැනට තැබූ සටහන්

මිහිදුම කැටි කල,
එක් පිනිබිඳක්,
පිපි මල අග රැඳී...
සිප ගැනුමට පෙර,
හිරු කිරණ,
බඹරිඳු සොයන,
සුපිපි මල,
සීත මැදින් සොයන,
රුවැති මල...

විඩාබර තටු අගට,
ඉඩක් නැහැ වෙහෙස නිවනට,
සීත මිහිදුම පීරමින්,
තවම සොයන,
සුපිපි මල,
රොන් තුඩු අග සිඹිනට,
සිත විඩා නිවුමට....

#TweetUpSL ආයෙත්!

3 දැනට තැබූ සටහන්

TweetUpSL ආයෙත් එනෝ!

ඉදිරියට »
සිද්ධියේ මුදුනට