අළු

1 දැනට තැබූ සටහන්

තනිකමද, පාළුවද රජයන,
සුසුමක අසමාකාර හඬ,
විශමාකාර ලොවක් තුල,
සමමිතිය සොයන්නී ඈ
නියමයන් නොදන්නා හදවතක්,
විකසිත වන්ට දඟලනු දුටුවද,
මුකුලිත කරයි මනෝභාවය
රූරා වැටෙන කඳුළු බිඳුවක,
දියරමය සිතුවිලිය,
මතකයන්ය
වර්ණ හතක අරුමය නුදුටුවද,
කළු සුදු මැද ඈ අළු විය...

දැඟලිල්ල

සටහනක් තියන්න

ගැහෙයි, දඟලයි..
වැඩක් නැතුවද වලිකයි,
හිත කොහෙද, කොතැනද ඇහුවොත්...
මෙතැන යැයි කියන්නේ කවුරුන්ද?
දෙතැනක නතරවුනු සිතක් ගැන කියන අද,
අතන මෙතන වෙන දේ දැක,
දුකද, කම්පාවද, සතුට, සොම්නස දරා ගත නොහැකිව,
ගැහෙයි පුලුවන් තරමට වෙහෙසිව...
මම කරන, කියන, හිතන හැමදෙයටම,
වද නොවී උඹ,
කරන් භාර වුනු රාජකාරිය,
ඔව් නුඹේ දේවකාරිය,
රුධිර පොම්පයක් පමණි නුඹ,
හදවත....

හද ලද මිරිඟු ලඳ

4 දැනට තැබූ සටහන්


හිතන්නෙපා, ඔබ, මගේමයි කියා,
හිතන්නෙපා ඔබ මිරිඟුවක් කියා,
හිතන්නෙපා ඔබ, මට දුරයි කියා,
සිතින් ලඳේ, මා ඔබ තුරුලට වෙලා...

හෙමින් බලා ඉඟිබිඟි කලා ඔයා,
දෙතොලඟට වඩා, නෙත් සඟල කතා කලා,
මදනල පවා, දඟකලා, හිනැහුනා,
ඔය නෙතු දිහා බලන්,
කුමරිය මා සැනසුනා...

පැතුමන් පතා, ඔබ මා තුරුලේ හොවා,
හිඳිනා දිනක්, ගැන මසිත කතා කලා,
ඔබ පතමින්, ළතැවෙමින්, මාස සති ගණන් උනා,
අන්සතු වුනු ලඳේ....
ආදරේ බොරුවක් උනා...

හිතන්නෙ නෑ, ඔබ මගේමයැයි කියා,
හිතන්නෙ නෑ, ඔබ මා හැරගියා කියා,
නෑ හිතන්නෙ නෑ...
තවමත් මගේ කියා...
ආදරේ පතන්, ඈ ජීවිතෙන්...
යන්නටම ගියා....

අයියාට ආඩම්බරයි

8 දැනට තැබූ සටහන්

දින කීපයකට පෙර අපෙ නඟා මට ගෙනත් පෙන්වූ, ඇගේම පුංචි පහේ වැඩක් ගැන ලිවීමට කැමැත්තෙමි.
මම බ්ලොගියේ කවියක් ලියන්නේ හිතට එන අයිඩියාක් එවේලෙට කොහේ හෝ කුරුටු ගා, පසුව ඕක හිතුන වෙලාවකට මෙකෙ කොටයි. ඒත් අපෙ නඟාගේ කවියක් මම මීට පෙර කියවා තිබුනේ නැත. ලියා තිබුන දේත් පට්ටය. මෙහෙම දින කීපයක්ම නියම කවි ටිකක් ඈ අතින් ලියවින. මෙයින් හොඳ, පුංචි කවියක් බුකියේ අම්බලම ගෲපියේ ඈ දමා තිබෙනු මම දුටුවෙමි. එය මෙතන ලියා දැක්වීමට මම කැමැත්තෙමි.

තැවි තැවී බර වුණු,
නෙත් කෙවෙනි,
තෙත් කළ,
මගේ සෝ කඳුළැලි,
කඩා හැළෙන විට,
නුඹේ විකසිත,
සිනහ මල් මත,
කියව අසතුටු
වන්ට කාරණ...?

නංගෝ... හරිම ලස්සනයි... :') අයියාට පුල් හැපී!!!

#ෆුල් ආතල් #EpicSinhalaCartoonDubs

17 දැනට තැබූ සටහන්

ට්විටරය පුල් ආතල් බැව් මම කලින් ලිපියකින් සඳහන් කලෙමි. බොයියක් දුන්නේ නැත. ඊයෙ(05.02.2012) රෑත් අපේ එකෙක්ගෙ මොළයේ ස්පාර්ක් ප්ලග් එකක් බුරුල් වී ආ අයිඩියාස් එකක් නිසා පැය ගානක් බඩවල් අල්ලන් හිනා උනෙමු. හිච්චි කාලයේ පටන් බැලූ කාටූන් වලට ඉස්තරම් සාධාරණයක් කොලෙමු. මේ ආතල් සංවාදයේ සුපිරි මතක ටිකක් මම මෙතන කොටා දැක්වීමට හිතුවෙමි.

ඉදිරියට »

හැඬූ දෙව්දුව

1 දැනට තැබූ සටහන්

දෙතොලතර,
සිරගතව ඇත,
සිනහව..

ලොවම නිහඬ, නිසල මොහොතක,
දෙව්දුවක නෙතඟින්,
සැලෙයි මුතු පබළු කැට හඬන...

අමිහිරි මතකයට පිටුපා,
බලාපොරොත්තුවෙන් දල්වා ඈ නෙත්,
ආදරයක රසභාව සිඳුනු,
විරහවෙන් තෙමුනු,
මැලවුන සියුමැලි කොපුල්,
අයදියි සියුම් හාදුවක්,
වියැලුනු දෙතොල් මත...

නාකි උනු නිදහස

සටහනක් තියන්න

64යි,
දැන් නාකියි නිදහසත්..
පුරන් අප්පුවේ, ඇවිත් බලාපන්,
සුද්දා එලවා දැමූ රටට,
කළු සුද්දා කොරපු විපත...
ලක් මාතාවට උනු හදියක තරම...
දමිළ, මුස්ලිම් භේදයක් නැතිව,
ගලවාගති සිරි ලංකාවම,
අනේ අපෙ බුදුන් වැඩි මව්බිම,
හූල්ලයි බලන්නට මිහිරි අනාගතයක් ලඟම...
නියම සිංහලයකු හොයයි ඈ,
ඔව්, තවත් සරදියලයැකු හොයන්නේ,  සතරදික්බාගයකම...
අනාගතය භාරගන්නට යන පොඩි එකාටත්,
මහින්ද හිමියනේ යන එන මං නැත,
තවත් එක මංගල්ලයක් නොව,
හිතේ සතුටින්, ආඩම්බරෙන් සමරන්නට,
බලා හිඳිමු අප, ගෙවෙන හැම තප්පරයකම..

සිද්ධියේ මුදුනට