ස්වප්නය

6 දැනට තැබූ සටහන්

හැඟුම් දහරක,
කිමිදෙන සුන්දරියේ,
මදනල හඬනඟයි,
ඔබේ මුවඟට සිනහ කැන්දන,
වදන් උන් තෙපලයි..
දුහුල් මිහිදුම් යහනක,
වැතිරෙයි ඈ...
සඟවයි ඒ නෙතු,
හිරු නැති යාමෙට,
හිත ලඟ, ආදරය බොහොමයි..
අඳුරේ සැඟවෙයි..
ළමැද සිරවුනු ඇගේ හැඟුමන්,
රාත්‍රියට දී,
රෑ කුමුදිනියකගේ සුවඳ විඳිනට,
නිදි දෙව්දුවහට,
ඇගේ ස්වප්නය, දැනට භාරයි...

ඔබට ලියූ

සටහනක් තියන්න

 දැනුණු හැඟුම්,
කැටි කර පදක් තනන්නට,
සිතුන සිතුම්,
ගයා වයන්නට,
මොහොතක් සොයමි....
හැඟුමන් වැළකි, සිතුමන් සිතුනී,
හදෙහී රැඳුනී,
මාගේ ආදර ළඳුනී...

මායාවක්දෝ,
ආදරේ...
සැබෑවුනානම් ළඳුනේ..
දිවියේ පැතුමන් කළතා, ගොතනා...
එක් කවක් ඔබමැයි...සිතුනා...
කීවා..ඒ ආදරේ...හඬඟා...

කඳුළු වැහි බිඳු

සටහනක් තියන්න

සුදු, අළු පාට වළාකුළු,
රාත්‍රියේදී කළුවටමයි..
හඳ, තරු වැසෙන්නට ඝන අන්ධකාරයක්,
අහස්ගැබ වෙළාගෙන...
තිත්ත කළුවර මැද,
ඇරඹුන සීතල වැස්සකට මැදිවුන,
කාටත් නොඇසෙන, නොහැඟෙන,
හැඬුමක්, අකුණු සැරයක් මැද,
එළිය වුනු මුහුණක් මත දුටිමි...
වැහිපොදට වඩා කඳුලක් බරයැයි හැඟුනි...
එත් ඒ වැස්ස, කඳුල හංගන්නට, හැඬුම වළලන්නටමයි
හිතේ තදවුන හැඟුම්,
පුපුරා අකුණු සැර පරදයි..
වැස්සට තුති,
ලොවෙන් සැඟවූවාට, තවත් එක කඳුළක්....

සොඳුරු සිත්තම්

1 දැනට තැබූ සටහන්

පැන්සලය අතෙක රඳවා,
සිතෙහි ඇඳුනු රුවක් මවන්නට,
රළු කැන්වසයක් මත...
මැකෙයි, ඇඳෙයි නෙක නෙක රූ රටා,
හීන පොද කැටි කරන් ගල්වයි වර්ණයන්..
සිත්තමක් අඳිනට, පිකාසෝ නොවුනද,

මැටි ගුලියකි ඇඟිලි මත සිරවුනු,
ඇඹරෙයි, තැලෙයි, පොඩිවෙයි..
හැඩයන් මැවෙයි, නෙතට දැනෙන...
ඇන්ජෙලෝගේ ඩේවිඩ් නොව,
සාංකාව මකන කළාවකි මෙය...

පින්සල, පැන්සල, පෑන අතට ගත්තෝ,
කළාකරුවන්ද,
ජීවිතයක් අඹන අපිත්..
කළාකරුවන් නොවෙමුද?

තවත් Red Bull වැඩකරුවෙක්

5 දැනට තැබූ සටහන්

රෙඩ්බුල් කිව්ව ගමන් ඉතින් අපෙ කස්ටිය මෝල් වෙලා පැනලා එනවනෙ! හිහි, ඉතින් ඔන්න තවත් ඒ වගේ එළකිරි අයිටමයක් හෙට අනිද්දම බලාගන්න පිනා චාන්ස් එකක් එන්ටයි හදන්නෙ! ආසයිනෙ? හිහි...
කවුද, කින්ද, මන්ද කියලා බලන්නටකෝ... වැදගත් වැඩක් නිසා ලියන්ට හිතුනා, තවත් එක වැඩකෑලි දැක්වීමක් නෙවෙන නිසාම...

ඉදිරියට »

අළු

1 දැනට තැබූ සටහන්

තනිකමද, පාළුවද රජයන,
සුසුමක අසමාකාර හඬ,
විශමාකාර ලොවක් තුල,
සමමිතිය සොයන්නී ඈ
නියමයන් නොදන්නා හදවතක්,
විකසිත වන්ට දඟලනු දුටුවද,
මුකුලිත කරයි මනෝභාවය
රූරා වැටෙන කඳුළු බිඳුවක,
දියරමය සිතුවිලිය,
මතකයන්ය
වර්ණ හතක අරුමය නුදුටුවද,
කළු සුදු මැද ඈ අළු විය...

දැඟලිල්ල

සටහනක් තියන්න

ගැහෙයි, දඟලයි..
වැඩක් නැතුවද වලිකයි,
හිත කොහෙද, කොතැනද ඇහුවොත්...
මෙතැන යැයි කියන්නේ කවුරුන්ද?
දෙතැනක නතරවුනු සිතක් ගැන කියන අද,
අතන මෙතන වෙන දේ දැක,
දුකද, කම්පාවද, සතුට, සොම්නස දරා ගත නොහැකිව,
ගැහෙයි පුලුවන් තරමට වෙහෙසිව...
මම කරන, කියන, හිතන හැමදෙයටම,
වද නොවී උඹ,
කරන් භාර වුනු රාජකාරිය,
ඔව් නුඹේ දේවකාරිය,
රුධිර පොම්පයක් පමණි නුඹ,
හදවත....

සිද්ධියේ මුදුනට