පෙම

2 දැනට තැබූ සටහන්

රල පතර පෙන කැටිති,
විසිරි සිරි ඇතිරු හැටි,
ඔබෙ සහස ලඟ නැවති,
මියුරු මුදු පෙම් සුවකි...

අහස් කුස ගැබ්බරයි,
සිතිජ ඉම වෙත දුවයි,
ඔබෙ හිතත් මා රැගෙන,
අනන්තය වෙත දුවයි..

ලිහිණියකු රැගෙන එන,
වෙරළ මත ඇඳෙන එම,
රහස මට කියනු කිම,
සිනහවෙන් ඔබ වසන..

ළමැද හොවා මා වතම,
ඇඳී පෙම් කවි දහස,
ඔබ ලඟම තව රැඳෙන,
තව දිනක් මම සොයන...

පිනි බිඳ

1 දැනට තැබූ සටහන්

පිනි බිඳක්,
අහසින් වැටෙනා, පිනි බිඳක්,
තනපතක් අග රැඳි පිනිබිඳක්,
දැවෙන පොළව නිවුමට වැර දරන,
පිනි බිඳක්,
අහසට පොලොවට බට,
හිරු රැස් මැද නැවතත් අහසට හිමිවන හැඩ,
යන මඟ ඇතිකරමින් ඒ ඉන්ද්‍රචාපය,
පිනි බිඳ,
අයිති අහසට යන්න,
පොලොව අද ඔබට දුර යැයි නොහැඟෙන්න..

ආන්යා

8 දැනට තැබූ සටහන්

වෙහෙසකර දිනයකට නිමක් දෙන්නට, පුරුදු ලෙස මා ගාලු කොටුව දෙස ඇදුනි.. හැන්දෑවට කොටුවට එකවන් පෙම්වතුන්ට ඉඩක් නොදෙන්නදෝ හෝ, සුළඟ දැඩි වී, අහස අඳුරු වෙනු මට පෙනුනි. "කමක් නැහැ, තෙමෙන්නට පෙර ලංවෙන්න පුළුවන් වේවි.." මටම කියාගනිමින්, ඉක්මනින් වටරවුම පසු කරමින් කොටුව වෙත ඇදුනි.


ඉදිරියට »

සහස

5 දැනට තැබූ සටහන්

මතක මාවත දෙස හැරී බලමි,
ආ උන් ගැන,
ගිය උන් ගැන...
ඔබ ආ දින...
මල් පිපුනු ඒ මාවත දිගේ,
අදත් හෙමින් අඩිය තබමි,
පයට පෑගෙන වියැලි අතුමෙනි,
ඔබේ මතක.. අද එකිනෙක වියැලන...
මතකය ඉතිරිකර ගිය ඔබ,
සිහිනයක් දෝ එය හැඟෙයි මට,
ඔබ වත මා පපුතුරු සැඟවූ එදවස,
සිහිනයක්දෝ තවත් සොයමි මම...
පෑ සිනහ මල් නෙකතර,
කොබෝ ලීල පීදුනි එදවස,
දකිනට වරක් එම දසුන,
හැරෙමි, බලා හිඳිමි,
ඔබ මා හා හිනැහුනු,
ඒ දසුන... ඔබ සහස....

රඟන්නී ඈ...

10 දැනට තැබූ සටහන්

විහිදීය ඈ තාලයට පාද පොඩි,
සුළඟ හා පොර බදමින්,
සංගීත ස්වරයක වෙලෙමින්,
ලොවක බර මොහොතකට අමතක කරමින්...
අරුත සොයන ජීවිතයට,
නිමක් නොපෙනෙන, තෙරක් නොදැනෙන,
ගමනක එක නිවහනක්යැයි සිතමින්,
දුටු දෙනෙත් වසඟයට ගනිමින්,
සවන් යොමු කර වැයෙන තාලයට,
නටත් ඈ ලොවම ඉදිරියෙන්,
නැත සිතේ එකදු බැඳුමක වගක්,
සොයන්නට කෙනෙක්?
ඈ කවුද?
කසුකුසුව වැඩිවෙත්ම හැරී බලත් ඈ ඔවුන් දෙස,
මාත් ඔබමය, ඔබේ දුවමය, ඔබේ ප්‍රියාවියමය,
අද මට මගෙන් අවසර ලැබුනි, මා හටම මොහොතකට,
මොහොතක මිදෙන්නට, මට මගෙන් මිදෙන්නට...
සංගීතය... මේ සොඳුරු නැටුම පියාපත් දුනි මා හට...
මිදෙන්න, වරකට හෝ.. ඔබෙන්...
ගයන්න ගීයක්, ලියන්න කවියක්, රඟන්න රැඟුමක්...
හඬ ගෑය ඈ... බලා සිටි, මුව අයා සිටි ඔවුන් දෙස...

සිත් පවුරු

6 දැනට තැබූ සටහන්

රේඛා සටහන් එකිනෙක ඇඳිනි,
සිත් පවුර මත,
ඔබ අතින්, මා අතින්,
ඔබ හස රැඳුනි මතකයෙහි රූ රටා,
නෙතු අග රැඳි කැඳුළු කැටක වෙන්වී යන,
හිරු කිරණක් මෙන්,
වර්ණ විහිදීය,
මා හද පුරා,
ඔබ තෙපලූ වදන් කොඳුරයි තවත්,
සිහිනෙන් හෝ ඔබ දැකගන්නට,
සරමි නෙතු අයා,
දක්නා සෑම නෙතු සඟලතර,
සෙවීමි ඔබ දෙනයන ,
තවත් වරක් දැක ගන්නට,
රැඳෙන්නට,
සැනහෙන්නට,
ඒ මතකයට සමුදෙන්නට,
මා හද පවුරු බිඳලූ විජ්ජුලතා,
මාළිගය අතැර යන්නට,
පවුර බිඳලන්නට කාලයයි...

හද උමතුවෙන්

2 දැනට තැබූ සටහන්

 හිතට හොරා කොහෙදින් ඇවිදින්,
ලඟට වෙලා කියනා කියුමන්,
නෙතඟ බලා හිඳ පෙම් හැඟුම්,
දුරකට වෙන්නට බෑ අදනම්...

කෝළ බැලුම් නුඹ හදහි දරා,
මසිත සරා නුඹ උමතු වෙලා,
නඟන සිනා වැල් දෝරෙ ගලා,
ඔබ මගෙමැයි යැයි මට හැඟුනා...

වස්සානේ පිනි පොද මැදින්,
කැටි කරන් එන මල් හැඟුම්,
ලපළු තුරු වියනටින්,
ඇවිද යන්න ඔබ හිත අරන්,
මතුකරන් අද හැඟුම්...
මා ඔබෙයි හද උමතුවෙන්...

සිද්ධියේ මුදුනට