අද

12 දැනට තැබූ සටහන්

ඔබ අතගෙන, අතැඟිලි පටලා,
පියමැන්නෙමි ඒ සොඳුරු මාවත මතින්,
උරිස මත්තෙන් තැබූ ඔබෙ හිස අග,
දඟකරන කෙස් රැල්ලක පැටලී එන,
මන්ද මාරුත ඉම දෙස බලා සිනාසුනෙමි,
අද...

වෙනදා සොඳුරු බස් තෙපලන ඔබ මුවඟ,
නිහඬ ඇයි අද සොඳුර,
හිස හොවා මා ළය මත,
පියා නෙතු සඟල,
තුරුලු වී ඔබ හුන් මතකය,
අමතක කරම් හෙට මා කෙලෙස?

සිතිජ ඉම සිප එන,
මාරුතය කෙඳිරූ ඒ සොඳුරු වදන් පෙල,
අහවර කලා දිවා රුදු වූ හිරු රැස,
ඔබ අත ගෙන,
නැවතත් පියමනිනට ආසයි,
ඒ මාවත,
ඒ මතකය,
ආදරයෙන් යලි වරක්,
සිහිකරනු පිණිස....

පළමු හමුවීම

4 දැනට තැබූ සටහන්

හමු වූ මුල් දිනම,
නෙක පැතුම් සිත දරාන,
බලා උන්නෙමි, ඔබේ නෙතු කැට දෙස,
මුවඟට වදන් එකිනෙක ගලපන්න,
ඉඩක් නැතිවැයි, ගොළුව ඉන්නට,
තෙපලන වචන එකිනෙක ඇහිඳ,
මනසින් ඈඳුවෙමි ඔබේ ප්‍රේමාද්‍යාසය...

බිම බලා හුන් දෙනෙත,
දුකක් රඳවා ඇති ලෙසක,
හිත කීරි ගැහුන, ඒ වචන පෙල,
ඇසී ඉකිබිඳිනු ඇසුනි මා හද...
ඈ මගේ නොව, මා ඇගේ නොව බව,
සිතට දරා ගැනුමට, සිතා ගැනුමට නොහැකිව,
තවම තතනමි ගලපන්නට,
ඔබ - මම - අපි නැති හෙට ගැන...

රිදී රේඛාව

9 දැනට තැබූ සටහන්

අඳුරු අහසට, කඳුළු මුතුවැල් බැඳී,
හඬන තරුකැට මෙන්ය හද නොරැඳී,
සිහින දෙව්දුව හමායන විටදී,
නෙතුමානයේ, පෙම්, සුළඟක් රැඳී...

විරහ කවි රැස, ලියූ හද අද,
යලිදු තෙත් වී,
චාන්දනිය වී පායා එනු මැනවී,
අඳුරු හද ගැබ,
එලිය ලද විටදී,
සඳකැන්ය ඔබ මුවඟ රැඳි සිනැහී...

සුසුමන් වියැකී, කඳුලැලි වියැලී,
හැඬූ තරු අද සිනහවෙනු පෙනුනී,
අළුත් රහසක් මුමුනනවා ඇසුනී,
රිදී රේඛාව සිත් අහස මත අද,
ඔබම මැයි ලඳුනී...

මිතුදම

9 දැනට තැබූ සටහන්

සිත ගත වෙලන,
ලෙන්ගතුකමක අරුම,
කැටි වූ නෙක සිතුම් රැසක,
බැඳි පෙමක් මේ අප සැවොම...

දින දිවා නෙක දවස,
රැඳුනු සෙනෙහසක රහස,
මතුවෙමින් සිත් සතොස,
මිතුරුදමක් බැඳිය සිත් අහස...

ඔබ මමද පහන් වුව,
මියැසි ස්වරයකි නැඟුන,
නිවාලූ සිත් පවස,
අහස් කුස කරා නැඟුන,
පෙම් කරමි,
මේ මිතුදමට....

ඉදිරියට »

ඔහු

13 දැනට තැබූ සටහන්

රැවුලු ගස් අතගැවෙන බැව් හැඟින,
කාලය නොම ඉඳ බැව් හැඳින,
ඈ වත තව නොලැබෙන බැව් සිතින,
නෙතඟ කඳුලැල් ගැලුවා, ඔහුට නොදැනිම...

සිතින නිතින ඈ හැඳින,
ගෙවූ කල් රූ මැවෙන,
සිතඟ රුධිරය වැකෙන,
මතකය දවයි හද නොම කිපෙන...

නොම හැඳින ඔහු තෙද,
ගත වෙර නොහඳුනන ඒ සිත,
තෙත් කරමින් දෙකොපුල් අද,
පිරිමි හිතකදු හැඬුවා පෙමක් බැඳ...

SMS

16 දැනට තැබූ සටහන්

මේ දැන් දවස් දෙකකට කලින් වෙච්චි සිද්ධියක්... ක්ලාස් ඇරිලා එද්දි දැකපු, අහපු සීන් කෝන් එකක්...

ඉදිරියට »

මොහොතක්

12 දැනට තැබූ සටහන්

එන හැන්දෑවක...
කියාදෙන්න මට,
සිතාගන්න තව,
ඔබ ගැන....

හිත හදාගන්න බැරිව මම,
කියාගන්න බැරිවුනු පෙම...
සොයාදෙන්න සොයාදෙන්න තව,
මට....
අපි අපේම වන, තව එක මොහොතක්....

ගිය හැන්දෑවක...
කියාදුන්න මට,
සිතාගන්න පෙර,
දුර ගිය....

ගලාහැලෙන කඳුළු බිඳක් ගෙන,
වළාකුලක් අද බඳිමි හිත යට,
හිරු මැදියම එනතුරා...
වළාකුලට පෙම් බඳිමි මම....

සිද්ධියේ මුදුනට