රැවුලු ගස් අතගැවෙන බැව් හැඟින,
කාලය නොම ඉඳ බැව් හැඳින,
ඈ වත තව නොලැබෙන බැව් සිතින,
නෙතඟ කඳුලැල් ගැලුවා, ඔහුට නොදැනිම...
සිතින නිතින ඈ හැඳින,
ගෙවූ කල් රූ මැවෙන,
සිතඟ රුධිරය වැකෙන,
මතකය දවයි හද නොම කිපෙන...
නොම හැඳින ඔහු තෙද,
ගත වෙර නොහඳුනන ඒ සිත,
තෙත් කරමින් දෙකොපුල් අද,
පිරිමි හිතකදු හැඬුවා පෙමක් බැඳ...
පිරිමියෙක් අඬවන එක ලෙසි නෑ. කෙල්ලෙක් වෙනුවෙන් අඬනවනම්... ඒ ආදරේ අමරණියයි.
ReplyDeleteහ්ම්ම්ම්....
Deleteහැම කෙල්ලම මෙහෙම හිතනවා නම්....
Deleteකොයි හිතත් ලාමකයි ආදරේදි..
ReplyDeleteකොයි හිතත් නෙවෙයි... බොරු නැති, ඇත්ත ආදරයක්නම් විතරයි...
Delete=D7
ReplyDeleteහරිම අපූරුයි!
ReplyDeleteස්තූතියි! :)
Deleteආදරයේදි මොකාද බොළඳ නොවෙන්නේ ...
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්....
Deleteනොදැනීම ඒ සිතල
ReplyDeleteගලා යන තුරුම පහලට
කඳුළක් වැටුනා හෙමිහිට
බැදි පෙමක සිතුවිලි ලග..
කවිය නියමයි මලය.. මේ ගැන නම් කියන්න පුළුවන් දේවල් ගොඩයි..
ස්තූතියි අයියා, ඔව්, මම දන්නවා...
Deleteලස්සනයි...!
ReplyDelete