රිදී රේඛාව

9 දැනට තැබූ සටහන්

අඳුරු අහසට, කඳුළු මුතුවැල් බැඳී,
හඬන තරුකැට මෙන්ය හද නොරැඳී,
සිහින දෙව්දුව හමායන විටදී,
නෙතුමානයේ, පෙම්, සුළඟක් රැඳී...

විරහ කවි රැස, ලියූ හද අද,
යලිදු තෙත් වී,
චාන්දනිය වී පායා එනු මැනවී,
අඳුරු හද ගැබ,
එලිය ලද විටදී,
සඳකැන්ය ඔබ මුවඟ රැඳි සිනැහී...

සුසුමන් වියැකී, කඳුලැලි වියැලී,
හැඬූ තරු අද සිනහවෙනු පෙනුනී,
අළුත් රහසක් මුමුනනවා ඇසුනී,
රිදී රේඛාව සිත් අහස මත අද,
ඔබම මැයි ලඳුනී...

මිතුදම

9 දැනට තැබූ සටහන්

සිත ගත වෙලන,
ලෙන්ගතුකමක අරුම,
කැටි වූ නෙක සිතුම් රැසක,
බැඳි පෙමක් මේ අප සැවොම...

දින දිවා නෙක දවස,
රැඳුනු සෙනෙහසක රහස,
මතුවෙමින් සිත් සතොස,
මිතුරුදමක් බැඳිය සිත් අහස...

ඔබ මමද පහන් වුව,
මියැසි ස්වරයකි නැඟුන,
නිවාලූ සිත් පවස,
අහස් කුස කරා නැඟුන,
පෙම් කරමි,
මේ මිතුදමට....

ඉදිරියට »

ඔහු

13 දැනට තැබූ සටහන්

රැවුලු ගස් අතගැවෙන බැව් හැඟින,
කාලය නොම ඉඳ බැව් හැඳින,
ඈ වත තව නොලැබෙන බැව් සිතින,
නෙතඟ කඳුලැල් ගැලුවා, ඔහුට නොදැනිම...

සිතින නිතින ඈ හැඳින,
ගෙවූ කල් රූ මැවෙන,
සිතඟ රුධිරය වැකෙන,
මතකය දවයි හද නොම කිපෙන...

නොම හැඳින ඔහු තෙද,
ගත වෙර නොහඳුනන ඒ සිත,
තෙත් කරමින් දෙකොපුල් අද,
පිරිමි හිතකදු හැඬුවා පෙමක් බැඳ...

SMS

16 දැනට තැබූ සටහන්

මේ දැන් දවස් දෙකකට කලින් වෙච්චි සිද්ධියක්... ක්ලාස් ඇරිලා එද්දි දැකපු, අහපු සීන් කෝන් එකක්...

ඉදිරියට »

මොහොතක්

12 දැනට තැබූ සටහන්

එන හැන්දෑවක...
කියාදෙන්න මට,
සිතාගන්න තව,
ඔබ ගැන....

හිත හදාගන්න බැරිව මම,
කියාගන්න බැරිවුනු පෙම...
සොයාදෙන්න සොයාදෙන්න තව,
මට....
අපි අපේම වන, තව එක මොහොතක්....

ගිය හැන්දෑවක...
කියාදුන්න මට,
සිතාගන්න පෙර,
දුර ගිය....

ගලාහැලෙන කඳුළු බිඳක් ගෙන,
වළාකුලක් අද බඳිමි හිත යට,
හිරු මැදියම එනතුරා...
වළාකුලට පෙම් බඳිමි මම....

හෙන්දිරික්කා

22 දැනට තැබූ සටහන්

යනමඟ බලා උන්නෙමි,
මාවත දෙපස සැළුනු,
හෙන්දිරික්කා මලක් පෑගුනු,
තෙතමනය කැවී දෙපා අගට..

හිමිදිරි පිනිබිඳු පැටලී,
තෙතබරිතව මල් ගොමු,
තවත් දවසක, තවත් කතාවක්,
කියන්නට තතනන අයුරු...

පෙර දිනක ඔබ පහස,
ලද මේ ගුරු පාර,
සුවඳ හෙන්දිරික්කාවන්ට,
පාළුයිලු,
අද,
ඔබ නැතුව..
පාළුයිලු,
අද,
අපි නැතුව...

ජුලියට්

29 දැනට තැබූ සටහන්

මදනල සමඟ වෙලී,
ඈතට, දුර ඈතට දුවනා,
ජුලියට්...
සඳළුතල මත්තෙන් බිමට වන්න,
ජුලියට්...

රෝමියෝට පේන මානයට,
ඇසෙන මානයට වී,
ගීයක් ගයන්න,
ජුලියට්...

අදවත් ඔබ එන්න,
හිඳගන්න, හිනැහෙන්න,
ජුලියට්..
රෝමියෝගේ ආදරයට,
පණ පොවන්න,
ජුලියට්....

සිද්ධියේ මුදුනට