දාර්ශනිකයා

21 දැනට තැබූ සටහන්

මේක අපේ Physics පන්තියෙදි වෙච්චි සිද්ධියක්. ගිය සෙනසුරාදා, (2012.06.23) අපේ ප්‍රපාතසිංහ මහත්තයගෙ පන්තියෙ පේපර් එකක් ලියන ගමන්, මගෙ එහා පැත්තෙ උන්නු එකාගෙයි මගෙයි ඇතිවුනු කථාවක්...

ඉදිරියට »

බොස්, ජබෝස්!

17 දැනට තැබූ සටහන්

ඊයෙ හැන්දෑවෙ වෙච්චි සිද්ධියක් ගැන කොටන්න හිතුනා. මේක මං බලාන ඉද්දි අපේ තාත්තට උන ඇබැද්දියක්. :)

ඉදිරියට »

යන්න

8 දැනට තැබූ සටහන්



කියන්න, තව එක සැරයක්,
ආදරෙන් නෙතු සලා..
සඟවන්න ඔය වත, මගෙ පපුතුර හොවා...
අපි අපෙමදැයි කියා, ඔබ මගෙමදැයි කියා,
අපිද නොදනිම්, සිහිනයට ඉඩදෙම්..
රිදවන්න, තව ඉඩක් නෑ..
හඬවන්න, තව කඳුළු ඉතිරිව නෑ..
ගලායන්න,
නෙතු අද්දර කඳුළු කැටක් මෙන්,
කුමරිය අද යන්න,
හද පත්ල, කීරි ගැහෙන, සීතලක දවටලා...

වෙන් වෙන්න පෙර

9 දැනට තැබූ සටහන්

ගොම්මන මැද තුරුල් වෙන ඔබේ සිනහව,
අඳුරු බව දැන, හිත පොඟවයි ඔබේ නෙතු අග,
පිනි කැට මෙන්ය, එක්වෙයි නෙතඟ,
රෑ තාරුකා විළස, වියැකෙයි වියලෙයි මොහොතින් දෙනෙත,
රැයක සුසුමන් සීතයි,
බොළඳිය, සමුගන්නට කාලය විත් මෙලෙස...

ඉදිරියට »

පොඩි එකා

9 දැනට තැබූ සටහන්

 අද හවස 6ට, Bio පන්තියට යන ගමන් දැක්ක සිද්ධියක් ගැන කියන්න හිතුනා. පොඩ්ඩක් විකාරරූපී සිද්ධියක්. අපිට ඉතින් වෙන්නෙම ඔව්වනෙ...

ඉදිරියට »

වෙඩිතියන්න

4 දැනට තැබූ සටහන්

පියාඹන්න ඉඩක් නැත,
සුවිසල් අහසට...
හැඬුම අසන්නට කෙනෙක් නැත,
පේනතෙක් මානයක...
හීන එක එක අරන්,
මිරිකා, කූඩු කල ආත්මය..
අදහසට ඉඩක් නැත,
කොටුවට හිර වූ කල,
ඉගෙනගන්න දඟලන ඌට,
වෙඩිතියන්න,
තටු කැපූ ඌට,
වෙඩිතියන්න..

කඳුළු කතාවක්

1 දැනට තැබූ සටහන්

 පොද වැස්සට තෙමිලා,
පාට එකිනෙක දියවී රූරා වැටෙනා,
සිත්තම බොඳවී,
සිත්තරු හැඬුවා...

කඳුළු බිඳුවක තිබුනා,
උණුහුම් පැන් පොදකට වඩා,
ආදරේ වේදනා,
කැටිකොට ගලනා...

පෙරදා පැවසූ වදන්,
එකිනෙක, එකිනෙක, හදවත ලඟ,
වැටෙමින්, හඬමින්,
කියන්න තතනන
අඳින්න පවසන තවත් එක්,
බොඳවූ...කඳුළු කතාවක්...

සිද්ධියේ මුදුනට