අද හවස 6ට, Bio පන්තියට යන ගමන් දැක්ක සිද්ධියක් ගැන කියන්න හිතුනා. පොඩ්ඩක් විකාරරූපී සිද්ධියක්. අපිට ඉතින් වෙන්නෙම ඔව්වනෙ...
ගාල්ලෙ කලේගානෙ, SOS එක පහු කරලා හිච්චක් එහාට යද්දි තියෙන පුංචි පාළමක්, එතනින් එහා පැත්තට මාරු වෙන්න ඕනෙ පන්තියට යන්න. පාළම ඉතින් පාරට වඩා පටුයි. මම ඉක්මන් කරලා එහා පැත්තට ගියා. ඒත් එක්කම වගේ තව පොඩි එකෙක් අනිත් පැත්තට එනවා. මේකා පාලම උඩ ඉඳිද්දිම වගේ වෑන් පතයක් ආපි. පැංචා පාලමටම හේත්තු වෙලා උන්නෙ. වෑන් කාරයට වගේ වගක් නෑ. ආපු ගැම්මටම ඌ මාරු!
පොඩි එකා හොඳින්ද බලන්න මම ඒ පැත්තට ගෑටුවා, පන්තියට පොඩ්ඩක් පරක්කු උනාට මොකෝ(හැමදාම ඔව්වට යනවනෙ! :P)... මම හිතුවෙ පොඩි එකා බයවෙලා කියලා. මම ඉතින් ඇහුවා, "මල්ලි අවුලක් නෑනෙ" කියලා..
මේකා මගෙ දිහා අමුතු කුප්ප බැල්මට් එකක් දාලා දිව්වෙ නැතෑ..!! හත්වලාමේ, මං අහවල් එකක් කොරාටෙයි?
මම ඉතින් ආයෙ මුකුත් උනේ නැතිගානට ක්ලාස් එක පැත්තට යන්න හදනකොටම කව්ද කතා කරනවා ඇහිලා හැරුනා ආයෙත්. බලද්දි අර පොඩි එකා... ඌ ආයෙත් හිනාවක් දාලා ආපු පැත්තටම ගියා. මටත් නිකන් මන්ද පොල් වගේ...
පන්තියට ගිහින් වාඩිවෙලා පොඩ්ඩක් හිටියා... මතක් වෙන්නෙම ඕකම තමයි... යකඩෝ, විභාගෙට මාස 2ක් තියලා මේ වගේ මැන්ටල් සීන්මනෙ වෙන්නෙ!
"සියළු Scienceකාරයෝ නැසෙන සුළුයි"
කාටද මඤ්ඤං ???
ReplyDeleteමට වෙන්ටැ!:P
Deleteනැත්නම් අර පොඩි එකාට ඒත් නැත්නම් මේක කියවන අපිට :D
Deleteමට තේරුන් නැහැ...
ReplyDeleteඅද හවස වෙච්චි දෙයක්... පොඩි එකා ශෝයි..!! :P
Deleteඅනේ මංදා
ReplyDeleteමෙතන කොයි පොඩි එකාටද වැඩියෙන් මැන්ටල් කියල හිතා ගන්න බෑ
ReplyDeleteසියලු සයන්ස් කාරයෝ නැසෙන සුළුයි.. අම්මපා ඇත්තම කතාවක් :)
ReplyDeleteහිහි...ඒකනේ! :-bd
Delete