සෙව්වන්දිය

සටහනක් තියන්න

අනන්තයට, සරන මගේ හීන,
දිගන්තයක, රැඳුනි ඔබෙ දෑස,
මටද හොරා, රැගෙන මගේ හීන,
සෙව්වන්දිය, නුඹ ගියා මගෙන් දුර ඈත...

සඳ මඬල මැදින්, සොයන්නම්,
මද පවන මැදින් ඔබ එනතුරා,
බලා හිඳින්නම්,
ඔබේ දෑස මගෙම වන තුරා,
හිඳින්නම්, සෙව්වන්දියේ....

හිනැහුනා මතකයි, තවමත්,
සැනහුනා මතකයි, ඔබේ රුව දෙසින්,
නෙතු නොහැර හිඳින්නම්,
ඔබේ නිල් නෙතින්,
සදා රැඳෙන්නම්....

කියාදෙන්න

1 දැනට තැබූ සටහන්


වළාකුලක පාවෙන්න,
කියාදෙන්න...
නුවන් තරුකැට කියන කවියට,
මඳනල මුමුනණ වදන් වැල,
මුසු කරයි තනුව,
ගයන ගීය,
ආදරය...
සිහිනයක දැවටිලා ඔබ එන්න,
මගේ වෙන්න...
ඔව්, මට කියාදෙන්න,
හිනාවෙන්න...

බොඳ වූ වදන්

සටහනක් තියන්න

පළමු පෙම් පත,
තවම ඇත සැඟවී,
ඔබ දුන් පොරොන්දුව,
බිඳී මුසුවුනි අවකාශයට...
සිත නික්ම ගොසින් ඔබ හැර,
හිත පෑරූ අවසන් කඳුළු බිඳුව,
බොඳ කලා,
ඔබ ලියූ අවසන් වදන...
තවත් නෑ බලාන ඉන්නට,
තවත් නෑ සිතාන ඉන්නට....

සැඟවීම

6 දැනට තැබූ සටහන්

දෙතොලඟ තැවරූ,
මුහුණු පොඩිය මත ඇතිරූ,
සියොලඟම ගැල්වූ,
විළවුන්ය මන බැන්දූ...

සිත යටට තෙරපූ,
හැඟුම් දහසකි ලොවෙන් හැංඟූ,
සිනහවක් මුව රැන්ඳූ,
ඔබ ඔබම නොව බව දැනෙද ළන්ඳූ...

අතීතය ඔබ හැංඟූ,
කියන නෙක තතු නෙතු ඔබේ දැල්වූ,
වසන් නොකරන්, වසන් නොකරන්,
ඔබ ඔබෙම වෙනු මැනවි ළන්ඳූ...

පාට පාට

4 දැනට තැබූ සටහන්

රතු,
කහ,
කොළ,

පාට පාට සරුවත් බීම,
මහ දහවල මැද,
දහදිය පෙරාන මවන,
නුඹේ,
පාට පාට,
විච්චූරණ හීන...

අවසර දෙනවානම්...

1 දැනට තැබූ සටහන්

අඳුරට ඉඩ දෙන්න,
දහවල උනුහුම ඔබෙන්,
ඉවතට ගෙන යන්න...

බඹරිඳුට අවසරයි,
මලට බරක් වන,
රොන් සුනු ගෙන යන්න...

හිරු කිරණ දඟකරයි,
තණ මත රැඳි,
පිනි බිඳු ගෙන යන්න...

ළඳුනේ, අවසර දෙනවානම්,
සොඳුරු ඔබේ,
හදවත ගෙන යන්න...

අහස හිතමැයි

4 දැනට තැබූ සටහන්

ඉඩ දෙන්න අහසට,
පොළොව දිහා බලාන ඉන්නට...
හිත රිදුන වෙලාවක මහා වරුසා දෙන්නට,
ඉඩ දෙන්න..
කළු සුදු වළාකුලට....

අනන්තයට දුවනා,
දුර ඈත...
රාත්‍රියක,
මුළු අහසම නිහඬයි, නිසලයි..
තරු මන්දාකිණි වටකරන්,
සැනහෙයි....

චන්ද්‍රකාන්තියට,
අවසරයි...
චන්ද්‍ර මණ්ඩලය, වට කරයි....
හිමිදිරිය දකිනා,
හිරු කිරණ අත දරයි,
නිල් අහස, නිහඬයි නිසලයි...
ඉඩදෙයි....
අහස තවමත් එහෙමැයි,
ඉවසයි නිසලයි...

සිද්ධියේ මුදුනට