බොඳ වූ වදන්

සටහනක් තියන්න

පළමු පෙම් පත,
තවම ඇත සැඟවී,
ඔබ දුන් පොරොන්දුව,
බිඳී මුසුවුනි අවකාශයට...
සිත නික්ම ගොසින් ඔබ හැර,
හිත පෑරූ අවසන් කඳුළු බිඳුව,
බොඳ කලා,
ඔබ ලියූ අවසන් වදන...
තවත් නෑ බලාන ඉන්නට,
තවත් නෑ සිතාන ඉන්නට....

සැඟවීම

6 දැනට තැබූ සටහන්

දෙතොලඟ තැවරූ,
මුහුණු පොඩිය මත ඇතිරූ,
සියොලඟම ගැල්වූ,
විළවුන්ය මන බැන්දූ...

සිත යටට තෙරපූ,
හැඟුම් දහසකි ලොවෙන් හැංඟූ,
සිනහවක් මුව රැන්ඳූ,
ඔබ ඔබම නොව බව දැනෙද ළන්ඳූ...

අතීතය ඔබ හැංඟූ,
කියන නෙක තතු නෙතු ඔබේ දැල්වූ,
වසන් නොකරන්, වසන් නොකරන්,
ඔබ ඔබෙම වෙනු මැනවි ළන්ඳූ...

පාට පාට

4 දැනට තැබූ සටහන්

රතු,
කහ,
කොළ,

පාට පාට සරුවත් බීම,
මහ දහවල මැද,
දහදිය පෙරාන මවන,
නුඹේ,
පාට පාට,
විච්චූරණ හීන...

අවසර දෙනවානම්...

1 දැනට තැබූ සටහන්

අඳුරට ඉඩ දෙන්න,
දහවල උනුහුම ඔබෙන්,
ඉවතට ගෙන යන්න...

බඹරිඳුට අවසරයි,
මලට බරක් වන,
රොන් සුනු ගෙන යන්න...

හිරු කිරණ දඟකරයි,
තණ මත රැඳි,
පිනි බිඳු ගෙන යන්න...

ළඳුනේ, අවසර දෙනවානම්,
සොඳුරු ඔබේ,
හදවත ගෙන යන්න...

අහස හිතමැයි

4 දැනට තැබූ සටහන්

ඉඩ දෙන්න අහසට,
පොළොව දිහා බලාන ඉන්නට...
හිත රිදුන වෙලාවක මහා වරුසා දෙන්නට,
ඉඩ දෙන්න..
කළු සුදු වළාකුලට....

අනන්තයට දුවනා,
දුර ඈත...
රාත්‍රියක,
මුළු අහසම නිහඬයි, නිසලයි..
තරු මන්දාකිණි වටකරන්,
සැනහෙයි....

චන්ද්‍රකාන්තියට,
අවසරයි...
චන්ද්‍ර මණ්ඩලය, වට කරයි....
හිමිදිරිය දකිනා,
හිරු කිරණ අත දරයි,
නිල් අහස, නිහඬයි නිසලයි...
ඉඩදෙයි....
අහස තවමත් එහෙමැයි,
ඉවසයි නිසලයි...

පුංචි පද වැළක්

2 දැනට තැබූ සටහන්

මීදුම් පට, සඟවයි,
නෙතු අග රැඳි කඳුළක්,
ලොවටම රහසෙන්..
හැරගිය දා පටන්, ආදරයෙන්...
හැඟුමන් බොහොමයි,
හද මැද තෙරපෙන,
කඳුළැල් සුසුමන්, එකිනෙක පැටලෙයි...

මං මාවත්, එලිවුන යාමෙක..
කරනෙම් පියමන්,
සිහිලසක් දරාගෙන..
රාත්‍රිය අඳුරුයි,
සඳවතිය හැරගිහින්..
තරු එළිය මදියි,
සිත් ගැබෙහි අඳුර මකනට....

ඉදිරියට »

බූල් බව්වො

1 දැනට තැබූ සටහන්

හැම දේකම දුකමනම් පේන්නෙ,
සතුටක් දැක්කම මොනවා කරන්නද කියල හිතෙනවා...
හිත හිච්චක් හරි සතුටුවෙනකොට,
කොයින්ද එන ජීවිතයක් ඒ සතුට උදුරනවා...
හිත මත්තෙම හැපෙන්නත් බෑ,
හැමදාම අඬන්නත් බෑ...
ඇත්ත දැනුනම දුකයි,
යන්න දෙන්න වෙනවනම්,
මොකෝ තියන් ගැටගහගන්නද?
ඇල්සේශන්, පොමනේරියන් ජීවිත අස්සෙ,
වල්සේශන් ජීවිත වැඩියි.
ඉව කරලා වැඩක් නැත්නම් හපා කනවා...
ඇත්තටම,
අපිට කොයින්ද බූල් බව්වො...

සිද්ධියේ මුදුනට