මීදුම් පට, සඟවයි,
නෙතු අග රැඳි කඳුළක්,
ලොවටම රහසෙන්..
හැරගිය දා පටන්, ආදරයෙන්...
හැඟුමන් බොහොමයි,
හද මැද තෙරපෙන,
කඳුළැල් සුසුමන්, එකිනෙක පැටලෙයි...
මං මාවත්, එලිවුන යාමෙක..
කරනෙම් පියමන්,
සිහිලසක් දරාගෙන..
රාත්රිය අඳුරුයි,
සඳවතිය හැරගිහින්..
තරු එළිය මදියි,
සිත් ගැබෙහි අඳුර මකනට....
මුළු ලොවක් සැතපෙයි,
ඔබ හිඳිනා තැනක සොම්නස බොහොමයි...
ඒ සතුට, ඒ දිවිය...මගේ නොවනම්,
කඳු ගැටක් මත්තට වන්නම්,
අසන්නම්,
සුළඟ මට කියනා...
හ්ම්ම්ම්ම්ම්හ්ම්ම්ම්ම්....
පුංචි පද වැළක්...
"ඔබ හිඳිනා තැනක සොම්නස බොහොමයි...
ReplyDeleteඒ සතුට, ඒ දිවිය...මගේ නොවනම්,
කඳු ගැටක් මත්තට වන්නම්,
අසන්නම්,
සුළඟ මට කියනා...
හ්ම්ම්ම්ම්ම්හ්ම්ම්ම්ම්....
පුංචි පද වැළක්..."
පට්ටයි!
ස්තූතියි....
Delete