නාකි උනු නිදහස

සටහනක් තියන්න

64යි,
දැන් නාකියි නිදහසත්..
පුරන් අප්පුවේ, ඇවිත් බලාපන්,
සුද්දා එලවා දැමූ රටට,
කළු සුද්දා කොරපු විපත...
ලක් මාතාවට උනු හදියක තරම...
දමිළ, මුස්ලිම් භේදයක් නැතිව,
ගලවාගති සිරි ලංකාවම,
අනේ අපෙ බුදුන් වැඩි මව්බිම,
හූල්ලයි බලන්නට මිහිරි අනාගතයක් ලඟම...
නියම සිංහලයකු හොයයි ඈ,
ඔව්, තවත් සරදියලයැකු හොයන්නේ,  සතරදික්බාගයකම...
අනාගතය භාරගන්නට යන පොඩි එකාටත්,
මහින්ද හිමියනේ යන එන මං නැත,
තවත් එක මංගල්ලයක් නොව,
හිතේ සතුටින්, ආඩම්බරෙන් සමරන්නට,
බලා හිඳිමු අප, ගෙවෙන හැම තප්පරයකම..

කිව්ව දේ

සටහනක් තියන්න

හිනාවුනා, ඔයත් එක්කම,
ආදරෙන් හිටියා, ඔයත් එක්කම,
ගෙවුනෙ කාලය, ඔයත් එක්කම,
සමහර වෙලාවට ඇඬුවා, ඔව්,
ඒත් ඔයත් එක්කම...
අද ඔයා යන්න යනවා... එයත් එක්කම...
හිනාවෙච්චි තරමට මට ඔහොමවෙයි කියලා හිතුනා..
තරහක්නම් නැහැ,
හැරිලා බලද්දි පුංචි දෙයක් මතක් උනා,
"වැඩිය හිනාවුනොත් අඬන්න වේවි..."
අම්මා කිව්ව දෙයක් වැරදුනේම නැහැ...

පනින්නද?

4 දැනට තැබූ සටහන්

ගල් බිත්තියක රළු බව දැනගෙනත්,
ඈඳි ගත්තෙමි, උන්නෙමි ඈත බලන්...
සිතිජ ඉමෙන් ඔබ්බට යන්න ඇත්නම්,
නැතිව කිසි බැඳුමන්...
සිනිඳු වැල්ලේ බැඳී ඉන්න ඇත්නම්,
මියෙන තුරාවට ඔබ එනකම්...
සුමුදු රළ පතර කිමිදෙන්නට ඇත්නම්,
නැහැවෙන්නට ජීවිතයක බලාපොරොත්තුවෙන්...
ඉමක් නොපෙනෙන මහ සයුරක තනිවෙන්නම්,
අද මට ඔබවත් නැත්නම්...
ගාලු කොටුව මතින් තවත් ආදරයක්,
හුළඟට එකතුවේවි...
ඔව්,
ඔයා නැත්නම්...

ප්‍රවේසමෙන් පරිහරණය කරන්න

2 දැනට තැබූ සටහන්

ජීවිතයේ බර,
දරාගත නොහැකි වූ කල්හි,
ආදරය කල ජීවිතය,
විඳීමට නොව, විඳවීමට වූ කල්හි,
සැලෙන් මුවඟ සිපගැන්මට,
ඉතිරිවූයේ වස බිඳුවක් පමණද?

ඉහ ඉහත්තාවට ඇවිත්,
මරණය,
බලා හිඳියි නෙත් යොමා ඈ දෙස,
සවන් වැකුනි,
මරණයම අයැදි ඇගේ,
ජීවිතය ඉල්ලා හඬන,
ශෝකාලාපය...

ආදරෙන් තනිවීම

6 දැනට තැබූ සටහන්

හිතුවෙවත් නැති මොහොතක,
අවුත් මගෙ ජීවිතයට,
ඇද වැටී,
තනිවී සිටි මා,
මුදවාගත්තී ඈ...

අද යන්න යනවාලු,
මම තවත් හොඳ නෑලු..

ආදරය...
ජීවිතය...
මට පසක් කරදුන් ඈ
තනිකරනවානම් මා...
මිරිඟුවක්ම නොවෙද?
ප්‍රේමය,
තවත් වචනයක්ම නොවෙද?
ජීවිතය....

සින්දු ඇසීම හා ඇස්සවීම

5 දැනට තැබූ සටහන්

ලංකාවේ සින්දු කලාව අමුතුය. සමහරු හොඳ සින්දුවක් ලියා, කියා අසන්නා පිනවයි. මේ අතර ටික දෙනෙක් ටකරන් වලට ගල් ගසමින් අපේ කන්වලට විකාරරූපී ආස්වාදයක් ගෙන දෙයි. බස්වල යෑම, මගීන්ට එපා කරවන සිරාම ක්‍රමයක් තමයි මේ ටකරන් සින්දු දැමීම. පූරුවෙ කල පවක් ගෙවන්නටදෝ අපි එව්වා අසාගෙන යමු.

ඉදිරියට »

උන්මාද

6 දැනට තැබූ සටහන්

කොටුවක්,
රවුමක්,
හැඩයන් පමණක් ලෙස දුටු මට...

එකතු කර හැඩයන්,
ගැල්වූයේ වර්ණයන්,
අර්ථයක් නැති ජීවිතයකට,
එකතු වුනි ලාලිත්‍යය...

හැරී බලන්නේ හෙමින් ඔබ දෙස,
මා දුටු,
උන්මාද චිත්‍රාවයි,
නුඹ...

සිද්ධියේ මුදුනට